උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් - ගමනාගමනය ගැනත් බස් හිමින්ගේ සංගමයෙන් ප්‍රකාශයක්.
By krishani
අද (25), උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ විසින් එක්වයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් සඳහන් කළේ, ත්‍රස්ත විරෝධි පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම හර්තාල් ව්‍යාපාරය ආරම්භ කරන බව ය.
කෙසේ වෙතත්, මෙම හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් එම ප්‍රදේශවල ගමනාගමනයට බාධා එල්ල විය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |