"..තාම අවුරුදු 20ක් වුනාට බිරිඳකගේ වගකීම ගන්න පරිණත භාවයක් මට තියෙනවා.."- විවාහය ගැන හෙළිකළ සුරූපී නිළි හර්ෂි රසංගා..(PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sewvandhi Feb 09, 2023 09:05 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ලංවී කියන ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියලා කියන්නේ. ඒ වගේම ඇය ගැන මේ දිනවල වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ ඇය හදිසියේම විවාහ ගිවිස ගැනීම නිසා වගේම ඇය රංගනයෙන් ඈත් වෙලා වෙනත් රටක පන්දිංචියට යාමට සූදානම් වන නිසයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය හදිසියේම විවාහ වුණා කිවුවට මාස ගණනාවකට කලින් විවාහ වෙන්න ඕන කියලා තීරණය අරගෙන තිබුණා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් විවාහ වෙනවා කියලා කලින් කිව්වාම අගයක් නැති නිසා ඒ ගැන කිසිම මාධ්‍යයකින් ප්‍රසිද්ධ කළේ නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයට වයස අවුරුදු 20ක් වුණාට හැම දෙයක් ගැනම බුද්ධිමත්ව හිතන පරිණත භාවයක් ඇයට තියෙනවා කියලයි හර්ෂි කියන්නේ. ඒ නිසා විවාහ ජීවිතයක් පටන් ගන්න වයස ඇයට ප්‍රශ්නයක් නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඇයගේ සැමියා තමයි මහේන් අනුරාධ. ඔහු දෝහාවල පදිංචි කෙනෙක්. ඒ වගේම කටාර් ගුවන් සේවයේ තමයි ඔහු රැකියාව කරන්නෙ.

ඉතින් අහස ගැන ඇය ඉන්ස්ටග්‍රෑම් දාපු ඡායාරූපයකට මහේන් හරිම කලාත්මක අදහසක් පළ කරලා තිබුන නිසා ඒ අදහසත් එක්ක ඇයට හිතුණා ඔහු හරි ලස්සන හදවතක් තියෙන කෙනෙක් කියලා. ඉතින් ඇයත් ඔහුගේ අදහසට ප්‍රතිචාර යොමුකරළා තමයිලු ආදර කතාව පටන් ගත්තෙ. ඒ වගේම ඉන්ස්ටග්‍රෑම්වලින් දැන අඳුරගෙන හම්බ වෙලා ආදර සම්බන්ධතාව පටන් ගත්තට පස්සේ ඔවුන් දෙන්නටම තේරුණාලු විවාහයකට යන්න තරම් හොඳ ශක්තිමත් බැඳීමක් ඔවුන් අතර තියනවා කියලා.

කොහොම නමුත් ඇත්තටම බිරිඳක් වීම ලේසි පහසු කාර්යයක් නෙවෙයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම පවුල් ජීවිතය හොඳින් ගෙනියන්න නම් බිරිඳක් විදිහට ලොකු වගකීමක් දරන්න වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් හැමදේම කළමනාකරණය කරගෙන පවුල් ජීවිතය හොඳින් ගතකරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය ඇයට තියෙන නිසා විවාහ වෙන්න තීරණය කළා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.(උපුටාගැනීමක්)


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGallery