ආචාර්ය පට්ටම යළිත් කරළියට එයි. මාලිමා අර්බුදය පාර්ලිමේන්තුවෙත් උඩුදුවයි.

Report

අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය යන පදවිය පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සදහන් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරීන් දෙදෙනෙකුගෙන් රහස් පොලීසිය විසින් ඊයේ දිනයේ පැය තුනක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පාර්ලිමේන්තු නිලධාරීන් රහස් පොලිසිය හමුවට මෑත කාලයේදී කැඳවූ පළමු අවස්ථාවයි.

රුසියාවට ඇමරිකාවෙන් රතු එළියක්..

රුසියාවට ඇමරිකාවෙන් රතු එළියක්..


මෙම සිදුවීමට අදාළව පරීක්ෂණ කරන රහස් පොලිසිය සභා නායක කාර්යාලයෙන් සභා ලේඛන කාර්යාලට භාරදී තිබූ ලිපිය සම්බන්ධයෙන්ද අවධානය යොමු කොට තිබේ.

‘ආචාර්ය’ නාමය ඇමතිවරයාගේ නම ඉදිරියෙන් යොදමින් යැවූ ලිපිය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යයන් ලැබුණු එකක් බව සභානායක කාර්යාලයෙන් නිලධාරීන් ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

මිනිසා විසින් නිපදවු යානයක් සූර්යයාට සමීපතමව ලඟාවෙයි..අභිරහස් තොරතුරු රැසක් එළියට එයි.

මිනිසා විසින් නිපදවු යානයක් සූර්යයාට සමීපතමව ලඟාවෙයි..අභිරහස් තොරතුරු රැසක් එළියට එයි.


මේ අනුව එම කාර්යාල දෙකේම නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.

You May Like This Video