හර්ෂණ හොඳටෝම දෙහි කපයි...ට්‍රිලියන 22ක් අතුරුදහන්
මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් පවසා ඇත්තේ පෙර රජයන් ලබා ගත් ණය මුදල් වලින් කෝටි විසි දෙලක්ෂයක් (ට්‍රිලියන 22ක්) ආගිය අතක් නැති බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව ඊයේ (23) පැවති පාර්ලිමේන්තුවේ දී විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී පවසා තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ අඳාළ මුදල කිසිදු පොතපතක වාර්තාවක සඳහන් නොවන බවයි.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා විගණකාධිපතිවරයා සහ දැනුම ඇති කණ්ඩායම් සම්බන්ධ කරගෙන දශක ගණනාවක් පිටුපසට ගොස් මේ තොරතුරු සොයා ගැනීමට කටයුතු කරගෙන යන බවයි.
මෙම මුදල රටේ ශේෂ පත්‍රයේ පැහැදිලිව ඇති බව පවසන ඔහු එදා හිටපු අය රට කළමනාකරණය කළ ආකාරය මින් පැහැදිලිවම පෙනී යන බව ද ප්‍රකාශ කළා.
එසේම කළමනාකරණය කර තිබුණා නම් එම ණය අදාළ වාර්තාවල සටහන් විය යුතු බවත්, ණය මුදල් නිසි ලෙස විගණනයකට භාජන කළේ නම් හා ඒවායේ විනිවිදභාවය රටට හෙළි කළේ නම් අද මෙවැනි තත්වයක් උදා නොවන බවත් ඔහු මෙහිදී පවසා ඇත.
තවද වර්තමාන රජය ආගිය අතක් නැති මෙම මුදල් සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර ඇතැම් තොරතුරු සෙවීමට දශක ගණනාවක් පිටිපස්සට යෑමට සිදුවන බවත් සඳහන්.
ඒ සඳහා විගණකාධිපති සම්බන්ධ කරගෙන දැනුම ඇති පිරිස් සම්බන්ධ කරගෙන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන බව ද පවසයි.
කෙසේ වෙතත් එදා සිටි දේශපාලනඥයන් රට කළමනාකරණය කරන බව කියමින් ඉවක් බවක් නැතුව ණය අරගෙන කරපු වැරැදි දේවල් නිවැරැදි කරගෙන යන බවද ප්‍රකාශ කළේය.
