ඩුබායි ඉඳන් ලංකාවම හෙල්ලූ " හරක් කටා" අල්ලා ගත් හැටි.

CID - Sri Lanka Police Crime Branch Criminal Investigation Department
By Wayomi Aug 13, 2022 04:34 AM GMT
Wayomi

Wayomi

Report

පසුගියදා සිදු වූ අපරාධ රැසකට වග කිව යුතු සංවිධානාත්මක ප්‍රබල අපරාධකරුවෙකු සහ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ‘හරක් කටා’ව ඩුබායි ආගමන විගමන නිලධාරීන් විසින් කොටු කරගනු ලැබුවා.

‘හරක් කටා’ හෙවත් නඳුන් චින්තකව එලෙස කොටු කරගනු ලැබුවේ ඔහු සතුව තිබූ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ඡායාරූපයේ ඇස්දෙකේ පුංචි වෙනසක් නිසා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළා.

හරක් කටා මෑතකදී සකසන ලද ව්‍යාජ ගමන් බලපත්‍රයක ඡායාරූප සහිත විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්ටර්පෝල් ශාඛාව විසින් පසුගිය දා ඩුබායි ජාත්‍යන්තර පොලිස් ශාඛාව වෙත දැනුම්දී තිබුණා.

මේ කිසිත් නොදැන හිටපු හරක් කටා තම බිරිඳ සමඟ ඩුබායි ගුවන් තොටුපොළට පැමිණ තිබුණා. ඒ, මැලේසියාවට ගොස් පසුව ඔස්ට්‍රේලියාවට පිටත් වීමේ බලාපොරොත්තුවෙන් බව සඳහන්.

නමුත් ගමන් බලපත්‍රයේ සටහන් රූපය හොඳින් නිරීක්ෂණය කළ ඩුබායි ආගමන විගමන නිලධාරින්ගේ එහි ඇති හරක් කටාගේ ඡායාරූපයේ ඇති ඇස්වල තිබූ වෙනස දැක ඔහුව දීර්ඝ ප්‍රශ්න කිරීමකට ලක් කෙරුණා.

පසුව අනාවරණය වී තිබුණේ එම ඔහුගේ ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බවයි.

හරක් කටා සහ බිරිය ඩුබායිවල අත්අඩංගුවට පත්වුව ද ඩුබායි ජාත්‍යන්තර පොලිස් ශාඛාව ඒ බව ලිඛිතව මෙරට ජාත්‍යන්තර පොලිස් ශාඛාව වෙත දැනුම් දී තිබෙනවා.

නමුත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉන්ටර්පෝල් ශාඛාව පැය 24 පුරා ම අවදියෙන් සිටිමින් හරක් කටා නමැත්තා මෙරටට ගෙන්වා ගැනීමේ දැඩි උත්සාහයක නිරතවන බවයි වාර්තා වන්නේ.

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW