දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අගමැති හරිනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
By Malith Madushan
දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වූ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මෙම පනත් කෙටුම්පත මගින් දූෂණ විරෝධී නීතිමය රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දූෂණයට එරෙහිව ක්රියාමාර්ග ගැනීම සඳහා පවතින විධිවිධාන සංශෝධනය කිරීමට අපේක්ෂා කෙරේ.
පනත් කෙටුම්පත පිළිබඳ ඉදිරි පාර්ලිමේන්තු ක්රියාමාර්ග අනුව එහි වැඩිදුර විවාද හා සම්මත කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.