'සදහම් අභිවන්දනා' වෙසක් බැති ගී සරණිය අගමැති ප්‍රධානත්වයෙන් සිදු වෙයි
අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ වෘත්තීය අධ්‍යාපන අංශයෙහි සුභසාධක සංගමය මඟින් සංවිධානය කළ "සදහම් අභිවන්දනා" වෙසක් බැති ගී සරණිය අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (27) දින නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පවත්වා ඇත.
එහිදී ශ්‍රාවක සිත් සතන් තුළ බුද්ධාලම්භන ප්‍රීතිය පුබුදු වනු වස් සම්බුදු තෙමඟුල සිහි කරමින් සංවිධානය කරන ලද මෙම බැති ගී සරණියෙහි ගීත ගායනා කිරීම එම අමාත්‍යාංශයේ මහත්ම මහත්මීන් විසින් සිදු විය.
මෙම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, අතිරේක ලේකම් (පාලන) සමන්ති මිහිදුකුල, අතිරේක ලේකම් (වෘත්තීය පුහුණු) සමන්ති සේනානායක, ඇතුළු පිරිසක් සහභාගි විය.
දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්



