හරිනි,විජිත වැඩ අල්ලයි..!

Vijitha Herath Harini Amarasuriya Latest Headlines National People's Power - NPP
By Sewvandhi Nov 18, 2024 12:57 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නව රජයේ අග්‍රාමාත්‍ය ලෙස අද (18) පෙරවරුවේ දිවුරුම් දුන් හරිනි අමරසූරිය එම ධුරයේ වැඩ භාර ගත්තාය. ඒ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

ඇය මෙරට 17 වන අග්‍රාමාත්‍යවරිය වේ. එමෙන්ම අගමැති ධුරයට පත්වූ තුන්වැනි කාන්තාව ලෙස ආචාර්ය හරිනි අමරසූරිය සැලකෙයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ලෙස දිවුරුම් දුන් විජිත හේරත් මහතා ද අද සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගෙන ගත්තේය.

ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීය. ඔහු මීට පෙර ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

එමෙන්ම ඔහු මීට පෙර 2004-2005 වසරේ එවකට පැවති රජයේ සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබුණි. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිධාරියෙකි.   

ReeCha