පාලන මිලට වතුර බෝතල් කොහෙවත් නෑ

Law and Order Latest Headlines Sinhala news
By Mithu Apr 22, 2025 05:19 AM GMT
Mithu

Mithu

Report

 බොන වතුර බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කළද එම මිලට දිවයිනේ කිසිදු වෙළෙඳසලක හෝ සුපිරි වෙළෙඳසල්වල වතුර බෝතල් නොමැති බවට "දිනපතා අරුණ" කළ සොයා බැලීමකදී අනාවරණය වේ.

වතිකානුවට වැඩබලන ප්‍රධානියෙක්

වතිකානුවට වැඩබලන ප්‍රධානියෙක්

ඒ අනුව පාලන මිලට වඩා රුපියල් 30ක් වැඩියෙන් මිල සඳහන් කර ඇති බවට සොයා ගැනීමට හැකි වුණි. 2025 වසරේ අප්‍රේල් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි බොන වතුර බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබුණි.

ඒ අනුව මිලිලීටර් 500 – 999 අතර බොන වතුර බෝතලයක මිල රුපියල් 70ක් ද, ලීටර් 1 – 1.499 අතර රුපියල් 100ක් ද, ලීටර් 1.5 – 1.999 අතර රුපියල් 130ක් ද, ලීටර් 2 – 2.499 අතර රුපියල් 160ක් ද, ලීටර් 5 – 6.999 අතර රුපියල් 350ක්ද වේ. එහෙත් වෙළෙඳසල්වල ඇති මිලිලීටර් 500 – 999 අතර බොන වතුර බෝතලයක මිල සඳහන් කර ඇත්තේ රුපියල් 100ක් ලෙසත්, ලීටර් 1 – 1.499 අතර රුපියල් 140ක් ලෙසත්, ලීටර් 1.5 – 1.999 අතර රුපියල් 150ක් ලෙසත්, ලීටර් 5 – 6.999 අතර රුපියල් 440ක් ලෙසත් සඳහන් වේ.

ඒ අනුව අදාළ ගැසට් පත්‍රය බලාත්මක වී මේ වන විට දින 22ක් ගත වී ඇත්ත තවමත් පාලන මිලට දිවයිනේ කිසිදු වෙළෙඳසලක බොන වතුර බෝතල් මිලදී ගැනීමට නොමැති බව අනාවරණය විය. ඒ පිළිබඳ වෙළෙඳසල් හිමියන්ගෙන් කළ විමසිමදී ඔවුන් ප්‍රකාශ කළේ අදාළ සමාගම්වලින් පාලන මිලට බොන වතුර බෝතල් ලබා නොදීම නිසා පාලන මිලට පාරිභෝගිකයාට අලෙවි කිරීමට නොහැකි බවය.

සමාජ මාධ්‍ය කැළඹු 'ටීචර් අම්මා' ගැන අලුත්ම ආරංචිය මෙන්න!

සමාජ මාධ්‍ය කැළඹු 'ටීචර් අම්මා' ගැන අලුත්ම ආරංචිය මෙන්න!

ReeCha