අග්‍රාමාත්‍යවරිය පිලිපීනය බලා පිටව යයි

Report

ආසියානු සංවර්ධන බැංකුවේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැනිලා නුවර (පිලිපීනය) නිල සංචාරයක් සඳහා පසුගිය රාත්‍රියේ (08) පිටත්ව ගොස් තිබෙනවා.

මෙම සංචාරයේදී ඇය ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුම් සඳහා සහභාගී වීමට නියමිතයි.

ADB මූලස්ථානයේ මාර්තු 10 වන දින පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමටද ඇය ආරාධිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන්ගේ නායකත්වය, සමානාත්මතාව, කාන්තා ව්‍යවසායකත්වය හා ඇතුළත් වර්ධනය පිළිබඳව අවධානය යොමු කරන බව ADB නිල වෙබ් අඩවියේ සඳහන් වෙනවා.

මෙම උත්සවයේදී ඇයට Inaugural Shireen Lateef Award for Women's Leadership පිදුම් කිරීමටද නියමිතයි.

මැනිලාහි Ninoy Aquino ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරියව ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපති ආචාර්ය චානක තල්පහේවා මහතා ඇතුළු පිලිපීන රජයේ නිලධාරීන් හා ADB නියෝජිතයින් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

සංචාරය අතරතුර පිලිපීන රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද අග්‍රාමාත්‍යවරිය නියමිතයි.

මෙමගින් දෙරට අතර අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර හරහා සහයෝගීතාව හා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන තිබෙනවා.

මෙම සංචාරය ADB හි ජාත්‍යන්තර කාන්තා දින උත්සවය සඳහා ලබා දුන් ආරාධනයට අනුව සිදු වන අතර, එය ශ්‍රී ලංකාවේ කාන්තා නායකත්වය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලෙසද සැලකෙනවා.

අල්-ඛර්ජ්හි මිසයිල ප්‍රහාරයෙන් ඉන්දීය ජාතිකයෙකුට තුවාල

අල්-ඛර්ජ්හි මිසයිල ප්‍රහාරයෙන් ඉන්දීය ජාතිකයෙකුට තුවාල

අධි ආරක්ෂිත කලාපයේ පිහිටි මහ බැංකු ගොඩනැගිල්ලේත් දැවැන්ත සොරකමක් - 6ක් අත්අඩංගුවට

අධි ආරක්ෂිත කලාපයේ පිහිටි මහ බැංකු ගොඩනැගිල්ලේත් දැවැන්ත සොරකමක් - 6ක් අත්අඩංගුවට