හරක්කටාගේ කෝටි 12 අල්ලස් සිද්ධියෙන් දේශපාලනය උණුසුම් වෙයි - සාගල රත්නායක සහ සමන් ඒකනායකගේ නම් එළියට
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක්කටා” නමැත්තා සම්බන්ධ රැඳවුම් නියෝග ඉවත් කර ඔහුව සාමාන්‍ය බන්ධනාගාරයකට යොමු කිරීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබාගත් බවට වන චෝදනාව සම්බන්ධ විමර්ශනයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයා වශයෙන් ද කටයුතු කළ සාගල රත්නායක මහතාගේ නමත් සඳහන්ව ඇති බව වාර්තා වේ.
මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ අදාළ විමර්ශනයේදී හේරත් මුදියන්සේලාගේ කොනගෙදර නිර්මාණ ඉන්ද්‍රජිත් බණ්ඩාර නොහොත් “හර්බි” නමැත්තාගෙන් ලබාගත් ප්‍රකාශයකට අනුව බව සඳහන් වේ.
ඔහුගේ ප්‍රකාශයේ එක් අවස්ථාවක, ඩුබායිහිදී රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යන අය හමුවූ අවස්ථාවක සිදුකළ සාකච්ඡාවක් පිළිබඳව සඳහන් කර ඇති අතර, එහිදී හරක්කටා සම්බන්ධ නීතිමය කටයුතු සහ ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කිරීම පිළිබඳවද කතාබහ වී ඇති බව දක්වා ඇත.
එම ප්‍රකාශයට අනුව, අදාළ කටයුතු සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතාට රුපියල් ලක්ෂ 500ක් ලබාදීමට සැලසුම් කර ඇති බවත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා හරහා තවත් රුපියල් ලක්ෂ 500ක් ලබාදීමට කටයුතු කළ බවත් සඳහන් වේ. එම මුදල් ලබාගැනීම වෙනත් ක්‍රමයකින් සිදුකිරීමට සැලසුම් කර ඇති බවද එම ප්‍රකාශයේ සඳහන් වන බව වාර්තා වේ.
මෙම ප්‍රකාශය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
චරිත් අබේසිංහ මාස 02කට කළින් අප පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා එක්ක.. මේ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයි - ජවිපෙන් නිවේදනයක්