ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවක් බව කියන හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් විසිවෙයි
අද(29) දින වැලිසර බන්ධනාගාරයේ රඳවාගෙන සිටින ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුගේ ඇප ඉල්ලීම් සහ තවත් විත්තිකරුවන් දෙදෙනකු නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරු විසින් කළ ඉල්ලීම් කොළඹ මහාධිකරණය මඟින් ප්රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
මෙම නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා විසින් ලබා දී ඇති බව සඳහන්.
එසේම තම අධිකරණය විසින් දුන් නියෝගයකට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාදීකරණයට ඇපෑලක් ඉදිරිපත් කර ඇති බැවින් මෙම අවස්ථාවේදී ඇප ඉල්ලීම් සලකා බැලිය නොහැකි බව විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කර ඇති බව වාර්තා වේ.
සලකපු විදිහ අන්තිම කැතයි.. ලෝකෙම ආදරේ දිනූ කුමාර් සංගක්කාරට සහ පවුලේ අයට කම්පනයක් - සමාජ මාධ්ය කැළඹෙයි