හරක් කටා සන්තකයෙන් එකවරම හමු වුණ දේ - පැන යන්න උදව් කළ කොස්තාපල්වරයා ගැනත් අණාවරණයක්..

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka
By krishani Sep 21, 2023 04:32 PM GMT
krishani

krishani

Report

දැනට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා රඳවාගෙන සිටියි.

එහිදී ඔහු ළඟ තිබී මත්වීම සඳහා භාවිත කරන පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අපරාධකරුවන් මත්ද්‍රව්‍ය භාවිත කරන බැවින් ඔවුන්ට ඒවා නොමැති වූ අවස්ථාවන්වල ඒ සඳහා මත්පෙති භාවිත කරන බවයි.

හරක් කටාට එම මත්පෙති ලබා දී ඇත්තේ දැනට පලාගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයා බවට ද අනාවරණ වී ඇත.

කෙසේ වෙතත්, එය සනාථ වී තිබෙන්නේ පොලිස් කොස්තාපල්වරයාගේ ලාච්චුවක තිබී මත්පෙති දහසකට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමත් සමගයි.

මේ අතර ඔහුට පළා යාමට සහය දුන් බවට චෝදනා එල්ල වී දැනට අතුරුදන්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයා රටින් පළා ගොස් නොමැති බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි.


හරක් කටාගේ මාස්ටර් ප්ලෑන් එකට උදව් කළ කොස්තාපල්වරයා ගැන අලුත්ම හෙළිදරව්වක්.

හරක් කටාගේ මාස්ටර් ප්ලෑන් එකට උදව් කළ කොස්තාපල්වරයා ගැන අලුත්ම හෙළිදරව්වක්.



ReeCha