බස්වල යන අයට නරක ආරංචියක් - මේ බස් වැඩ වර්ජනයක්
හංවැල්ල - කොළඹ මාර්ග අංක 143 පෞද්ගලික බස්රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මගීන් නංවා ගැනීම සම්බන්ධයෙන් කඩුවෙල - කොළඹ බස්රථ සේවකයින් සමඟ ඇතිවූ ගැටලුවක් මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත.
ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් කළ විමසීමකදී එහි සභාපති ගාමිණී ජයසිංහ මහතා ගැටලුවට මුල් වූ පාර්ශව සාකච්ඡාවක් සඳහා කැදවා ඇති බව පවසා ඇත.
ඒ අනුව අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත එම සාකච්ඡාවෙන් පසුව ඊට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසූ බව වාර්තා වේ.