හම්බන්තොට 6km ක කරන්න යන සුපිරි වැඩක් ගැන හෙළිදරව්වක්..

Hambantota Mahinda Rajapakshe Namal Rajapakshe Formula One
By Aruna Oct 25, 2021 05:06 AM GMT
Aruna

Aruna

Report

ගොවීන් පොහොර ගැටලුවෙන් පීඩා විඳිමින් සිටියදී හම්බන්තොට ෆෝමියුලා වන් මෝටර් රථ තරග ධාවන පථයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ වී තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

ඊට අදාළ මූලික සාකච්ඡාවක් ජපාන සහ ස්පාඤ්ඤය ආයෝජකයින් පිරිසක් අතර ආරම්භ වී තිබෙන බවයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ.

කිලෝමීටර් 5. 6 ක ගොන්ප්‍රී ධාවන පථයක් වන එය රජයේ ඉඩමක ඉදිකිරීමට යෝජිත බවයි ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු උපුටා දක්වන පුවත්පත් වාර්තාවක දැක්වෙන්නේ.

දේශීය සම්පත් හා දේශීය විශේෂඥ දැනුම ඒ සඳහා උපයෝගි කර ගැනෙන අතර රේසින් කාර් හම්බන්තොට වරායෙන් ගොඩබෑම හා අදාළ තරග සඳහා සහභාගිවන්නන්ට මත්තල ගුවන් තොටුපළ යොදා ගැනීම සැලැස්මේ මූලික අරමුණක් බවත් මෙය ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now