වෙරළට ගොඩ ගසා තිබූ, නතාෂාගේ මරණයේ අභිරහස - මව්පියන් කියන අදහාගත නොහැකි කතාව මෙන්න

HALAVATHA NATHASHA DRAWNING KULAKULA SOORIYA CHALANI RANJTH
By Sewvandhi Nov 03, 2021 05:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

උත්තමාවඩු තමාෂා රොෂෙලි දැරිය මෙලොව එළිය දකින්නේ 2019 වෙසක් මස දාහත් වැනි දිනයි. වයස අවුරුදු තිහක් වූ උත්තමාවඩු රංජිත් කුමාර සහ අවුරුදු 25ක් වූ කුලකුරුසූරිය චලනි නතාෂාගේ දියණිය තමාෂා යි. රංජිත් ව්‍යාපාරිකයෙක්. ගාල්ලේ සිට මීගමුවට මසුන් ප්‍රවාහනය කර තොග වශයෙන් විකිණීමයි ඔහුගේ රැකියාව වූයේ. ඔහු දිනක් මීගමුව වෙරළ තීරයේ මුන්නක්කරය ගම්මානයේ තැපැල් කාර්යාලයට ගියේ අවශ්‍යතාවයක් සඳහා යි.

එහිදී ඔහුගේ අවශ්‍යතාවය ඉටු කර දෙන්නේ තැපැල් කාර්යාලයේ නතාශායි. එම කටයුත්ත අතරේ රංජිත්ගේ සිත ඇය වෙත ඇදී යන අතර අනතුරුව තැපැල් ගනුදෙනුව , ආදර ගනුදෙනුවක් බවට පත්වුණා. ටික කලකින් දෙදෙනාගේ ආදර සම්බන්ධය නිවැසියන්ට දැනුම් දීමෙන් පසුව එක වහලක් යටට ඔවුන් පැමිණීමට කටයුතු කරන්නේ මීට වසර හතරකට පෙරයි. ඒ අම්බලන්ගොඩ බටපොල රංජිත්ගේ නිවසට යි. කල් ගත වෙත්ම තමාෂා රොෂෙල් දියණිය ද මෙලොව එළිය දුටුවා.

ව්‍යාපාරික කටයුතු වල පහසුව සඳහා කුලී පදනම යටත් තවත් නිවසක් සොයා ගත් ඔවුන් එහි පදිංචියට පැමිණියා. ඒ මීට සති දෙකකට පෙර යි. ඒ නිවස පිහිටියේ මුහුදු වෙරළ අසළ යි. අවුරුදු දෙකයි මාස තුනක් වයස දූ සිඟිත්තිය දුව පැන යන වසයේ පසුවුණා. ඇය නිරන්තරයෙන් මුහුද දෙසට යන්නට උත්සාහ කළා. මව්පියන්ට ද ඇවිටිලි කළා.

එහෙත් මව්පියන් ඊට ඉඩ ලබා දුන්නේ නැහැ. ඉකුත් 18 වැනිදා හවස තුනයි තිහට පමණ නිල්පාට ඩෙනිම් කොට කලිසමක් හා සුදු පාට ටී ෂර්ට් එකකින් සැරසී සිටි තමාෂා, වෙනදා මෙන් සුපුරුදු පරිදි නිවසෙත් ගෙමිදුලෙත් දුව පනිමින් සිටියා. රංජිත් දර තොගයක් මැස්සට දැමීමට සකස් කරමින් සිටියා. එම අවස්ථාවේ බිරිඳත් ඔහුට සහාය වුණා. දෙදෙනාම වැඩ අතරේ දියණිය කෙරෙහිද අවධානය යොමු කළා. එහෙත් කාර්යබහුල වීම මැද එය ඔවුන්ට අමතකම වී ගියා.

ඇය පෙනෙන්නට සිටියේ නැහැ. ගේමිදුලෙත් නැති ඇයව සොයා ඔවුන් පසුව මුහුද දෙසට ගියා. දැල්වලින් අසුරා තිබුණ ද එක් තැනකින් දියණියට යටින් රිංගා ඇති බවක් හැඟුණේ අඩි සළකුණු නිසායි. වෙරළේ රැඳි සිටි කාන්තාවක් තමාගේ දියණියගේ වයසේ දැරියක් හා තවත් දරුවෙකු සමඟ නිසොල්මන්ව බලා සිටිනු දැක ආසන්නට ගිය මව ඇගෙන් දියණිය ගැන ඇසුවා. "මම දැක්කා පොඩි ළමයෙක් මූදේ ගහගෙන යනවා. හරියට අපේ දුව වගේ. මට හිතාගන්න බැරිව ගියා. අඩු ගානේ කෑ ගහන්න තරම්වත් ශක්තියක් තිබුණේ නැහැ මට.."

ඒ ආසන්නයේ පිරිමි අයෙකු සිටිය ද ඔහු යම් මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවට ද දැන ගැනීමට ලැබුණා. අනතුරුව නාවුක හමුදාවේ කිමිසුම් කරුවන් සොයා දියණිය සෙවීමට උත්සාහ කළත් මුහුදේ රළු තත්ත්වය එම උත්සාහය අසාර්ථක කිරීමට හේතුවක් වුණා. දින කීපයක් තිස්සේ හඬා වැටුණු මාපියන්ට කොයි තරම් සෙව්වද දරුවා සොයා ගැනීමට හැකි වූයේ නැහැ. අනතුරුව ඔවුන් මුහුණු පොතට ද ඡායාරූප මුදා හැරියා. දින හතරකට පසු එනම් 22 වනි දින හලාවත , අඹකඳවිල ප්‍රදේශයේ අයෙකුගෙන් දියණියගේ මව වන චලනිගේ දුරකතනයට ඇමතුමක් ලැබුණේ කුඩා දරුවෙකුගේ සිරුරක් ගොඩ ගසා ඇති බව කියමිනුයි.

වෙරළට ගොඩ ගසා තිබුණේ ඇගේ සිරුරයි. එහෙත් ඇඳ සිටි ඩෙනිම නොතිබුණු අතර සුදු පැහැති ටීෂර්ටය පමණක් තිබුණා. එනම් යටි කය නිරුවත්ව පැවතුණා. හඳුනා ගැනීමට නොහැකි තරමට සිරුරේ ඇතැම් කොටස් ක්ෂය වී තිබුණා. තමාෂා රොෂෙලි දියණිය මුහුද දෙසට දිව යන තුරු ඒ දෙස බලා අසළ සිටි කාන්තාව ඇය වැළැක්වීමට උත්සාහ නොගත්තේ ඇයි? මන්දමානසික පුද්ගලයෙකු සිටීම හේතුවෙන් කිසියමක් ආකාරයේ සිදුවීමක් වූවාද යන්න මව්පියන්ට ප්‍රශ්නයක් වුණා. මෙයින් කියැවෙන දේ නම් දරුවන් කෙරෙහි නිරන්තර අවධානය යොමු කිරීම අතිශය වැදගත් වන බවයි.. මිහිර විජේසේකර


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW