තුන්රට මැණික් සහ ස්වර්ණාභරණ නියෝජිතයින් සමඟ ඇමති සුනිල් තායිලන්තයට

Report

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමින් ශක්තිමත් කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (21) බැංකොක්හිදී තායි මැණික් හා ස්වර්ණාභරණ වෙළඳුන්ගේ සංගමයේ (Thai Gems & Jewelry Traders Association - TGJTA) නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීය.

දූත පිරිසට මැණික් හා ස්වර්ණාභරණ වෙළඳුන්ගේ සංගමයේ සභාපති චොම්ෆොල් ෆොර්න්චින්ඩාරක් මහතා ඇතුළු වූ අතර, රැස්වීමේදී දෙරට අතර කර්මාන්ත හැකියාවන් වැඩිදියුණු කිරීම, ජාත්‍යන්තර වෙළඳාම පුළුල් කිරීම හා තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු විය.

තුන්රට මැණික් සහ ස්වර්ණාභරණ නියෝජිතයින් සමඟ ඇමති සුනිල් තායිලන්තයට | Hadunneththi Meets Thai Gem Jewellery Reps

සාකච්ඡාවලදී විශේෂයෙන් සලකා බැලූ කරුණු කිහිපයක් මෙසේය;

ශ්‍රී ලංකාවේ මැණික් කැපීම හා පිරිසිදු කිරීමේ විශේෂඥතාව හා තායිලන්තයේ දියුණු තාප පිරියම් කිරීමේ (heat treatment) ක්‍රම අතර තාක්ෂණික දැනුම හුවමාරු කිරීම

තායිලන්තයේ ජාත්‍යන්තරව පිළිගත් රසායනාගාර පහසුකම්වලට ශ්‍රී ලාංකික මැණික් වෙළඳුන්ට ප්‍රවේශය ලබා ගැනීම

ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන හා වෙළඳ ප්‍රදර්ශන සඳහා දෙපාර්ශ්වයේ සම්බන්ධීකරණ සහභාගීත්වය වැඩි කිරීම

ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ආචාර්ය චමින්ද ඒකනායක මහතා ද මෙම රැස්වීමට සහභාගී වූ අතර, එහිදී තායිලන්තයේ ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවේශය වැඩි කිරීමට ඇති හැකියාවන් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මෙම මුලපිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ජාත්‍යන්තර ප්‍රධාන ගැනුම්කරුවන් ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදන වෙත ආකර්ෂණය කර ගැනීම, දේශීය මැණික් සම්පත්වල ගෝලීය වටිනාකම ඉහළ නැංවීම හා නව වෙළඳපල අවස්ථා විවෘත කිරීම මගින් දේශීය ආර්ථිකයට ශක්තිමත් සහායක් ලබා දීමයි.

කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාවලදී ලැබුණු ධනාත්මක ප්‍රතිචාර මත ඉදිරි මාසවලදී තායිලන්තය සමඟ තවදුරටත් සහයෝගීතාව ගොඩනැගීමට ක්‍රියාත්මක වන බවයි.

ශ්‍රී ලාංකිකයන් අනතුරේ - මේ ආයතනවල සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීමට තීරණ

ශ්‍රී ලාංකිකයන් අනතුරේ - මේ ආයතනවල සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීමට තීරණ

නාමල්ගේ ලන්ඩන් සංචාරය සාර්ථකයි

නාමල්ගේ ලන්ඩන් සංචාරය සාර්ථකයි