ශ්‍රී දේවි ආපසු ඇවිත්.... ගෙට ගන්න එක නම් ලේසි නැහැ

Google Sri Lanka Lagna Wasana Lagna Palapala Sinhala news
By Akash May 02, 2025 12:41 AM GMT
Akash

Akash

Report

ශ්‍රියා කාන්තාව ගෙදරට වඩින කතාව ගොඩක්දෙනෙක් අහලා තියෙනවනේ. ඒ කොහොමද කියලා ඔබ දැනගෙන හිටියද? අතීතයේ සිට අපේ මුතුන් මිත්තන් විසින් විශ්වාස කරන පවත්වාගෙන ආ අදටත් වලංගු ඇතැම් විශ්වාසයන් , සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර පවතිනවා.

විශේෂයෙන් මේ ලග්න වල අයට වාසි ගොඩයි...අද ඔබට හදිසි ධන ලාභ ලැබෙන සුපිරි ග්‍රහයෝගයක් තියෙන දිනයක්...

විශේෂයෙන් මේ ලග්න වල අයට වාසි ගොඩයි...අද ඔබට හදිසි ධන ලාභ ලැබෙන සුපිරි ග්‍රහයෝගයක් තියෙන දිනයක්...

අද කාලේ සමහරු ඒ දේවල් විශ්වාස නොකලට ඇත්ත අදටත් වලංගු ඇතැම් සංසිද්ධීන් බොහොමයක් පවතිනවා. නිවිහැනහිල්ලේ කල්පනා කරලා බැලුවොත් ඒ දේවල් වල සත්‍ය අසත්‍යතාවය වටහා ගත හැකි වේවි. ඉතින් අපි දැන් බලමු ගෙදරට ශ්‍රී කාන්තාව වඩම්ම වන්න ඔබ කළ යුතු සහ නොකළ යුතු දේවල් මොනවද කියලා.

තාමත් ලැබුණේ නැද්ද ..දුක් වෙන්න එපා .. මෙන්න තවත් ක්‍රමයක් ....

තාමත් ලැබුණේ නැද්ද ..දුක් වෙන්න එපා .. මෙන්න තවත් ක්‍රමයක් ....


🌻නොකියාම බැරි විටෙක මිස, නිවසේදී නෑ, බෑ වචන භාවිතා කිරීම හැකිතාක් දුරට අඩු කරන්න

🌻ඉර බැසයාමට පෙර ගේ අතුගාන්.

🌻මුළුතැන්ගෙයි ජනේලයෙන් පිටතට ඉඳුල් වතුර විසි නොකරන්න.

🌻තෙල්/බැදුම් සඳහා තාච්චිය ලිප තබන විට, කතා කරන්න එපා නිශ්ශබ්ද වන්න.

🌻දවල් 12.30 හවස 6.30 වෙලාවට තෙල් භාජන ලිපේ නොතබන්. සිරිදෙව්දුව ගෙදරට වඩින විදිහ දැකලා තියෙනවා ද?

🌻ගෙමිදුලේ රෙදිවැල් අදින්න එපා. ගෙදර පිටුපස පැත්තට වෙන්න රෙදි වැල් බදින්න සහ ඊට යටින් යන්න එපා.

🌻නිවස ඉදිරිපස වතුසුද්ද, ඉද්ද, ගැටපිච්ච, පතොක්, තැඹිලි, කතුරුමුරුංගා, කෙසෙල්, අරලිය, බඳුවදමල්, කටු සහිත ගස් වැවීම ගෙහිමියන්ට අශුභය. විශේෂයෙන් ප්‍රධාන උළුවස්සෙන් ඒවා ඈත් කරන්න. එසේ තිබූ අශුභ මල් වර්ගයක් ගෙවත්තෙන් පිටකර, දින 03 කින් නිවසට ශ්‍රියාව උදාවූ බව කියැවේ.

අදත් බොහෝ ප්‍රදේශ වලට වැසි

අදත් බොහෝ ප්‍රදේශ වලට වැසි

🌻ප්‍රධාන උළුවස්ස යටින් ගෙතුළට මස් මාංශ නොගන්න. එමගින් කරදර, අඞදබර ඇතිවේ.

🌻කපා දමන නියපොතු, හිස පීරූ කෙස් රොද නොපෑගෙන තැනකට දමන්න.

🌻අලුයමින් කිසිවකුට හිස් භාජන හෝ වියළි යමක් හෝ දීම නුසුදුසුය .

🌻ලෙඩකු බැලීමට ගොස් එනවිට, බලු/බළල් සතුන් ගෙදරට නොගෙනෙන්න.

🌻අසල්වැසි ගෙයකින් ලැබුණු කෑම භාජනය ආපසු දෙනවිට මලක් හෝ බුලතක් තබා දෙන්න. (හිස්ව දීම අශුභයි)

🌻කුජ (අඟහරුවාදා), සිකුරු(සිකුරාදා) දිනවල ලිපේ අලු ඉවත් නොකරන්න.

🌻ලුණු දිය කරන විට අනුන්ගේ දොස් පරොස් කතා නොකරන්ට. ආපසු හැරේ.

🌻එකම අවස්ථාවේ බත් මුට්ටි 03 ක් නොපිසින්න.

කොන්දේසි සම්පූර්ණ කරලා නැති නිසා,ඊළග IMF වාරිකය නෑ?

කොන්දේසි සම්පූර්ණ කරලා නැති නිසා,ඊළග IMF වාරිකය නෑ?

🌻යමක් කෙටූ වංගෙඩිය කෙළින් නොතබා පෙරළා තබන්න

🌻වංගෙඩිය උඩ වාඩි වී කතාබස් කිරීම, ආහාර ගැනීම කොඩිවිනයකි.

🌻අඹරන විට අතේ වළලු මිරිස්ගලේ වැදීම, කුප්පි ලාම්පුව මිරිස්ගල උඩ තැබීම, කතාබස් කරමින් මිරිස් ඇඹරීම ද කොඩිවිනම ය.

🌻නිවසේ පසුපස බිත්තියට සමාන්තරව ගල තැබීමත් සුදුසුම නැත.

🌻ගෙයි ඉදිරිපසට මුහුණ ලා අඹරන්ටත් එපා.

🌻බිත්තියට කකුලක් තබා තනි කකුලෙන් නො සිටින්ට.

🌻හිස පීරමින් හෝ කොණ්ඩය වනාගෙන හෝ ඉදිරිපස දොරින් ගෙට ඇතුළු නොවන්න.

🌻ප්‍රධාන දොර ඉදිරිපස උකුණන් ගැනීම අවැඩ සිදු කරයි.

🌻ඉර බැස ගිය පසු, ගෙදරට ඉදිකටු, ලුණු ගෙනෙන්ට එපා.

🌻පොල් ගෙඩිය මුඩ්ඩ කඩා ගෙට ගැනීම, සාමය පලිදු කිරීමකි.

🌻නිවස තුළ දෙවියන්ට පහන් නොතබන්න. නිවසින් පිට අඩි 18 ක් ඈතින් පවිත්‍රව එය සලස්වා ගන්න.

🌻කහදියර ඉස පහන් දල්වා බුදුන් වැඳ දෙවියන්ට පින් දෙන්න.

🌻දිනපතා සුවඳ දුමකින් නිවසට දුම් අල්ලන්න

අන්තර්ජාලයෙන් –

ReeCha