එක පිට එක වෙඩි ප්රහාර හතරක් [UPDATE]
හික්කඩුව මාවතගම ප්රදේශයේ නිවසක් ඉලක්ක කර ඊයේ(20) දින රාත්රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙසේ වෙඩි තබා පලාගොස් ඇති බව සඳහන්.
එමෙන්ම වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැති බව ද වාර්තා වේ.
එසේම වෙඩි ප්රහාර 4ක් පමණ එල්ලකර තිබෙන බවත් නිවසේ බිත්තියට සහ ජනේලයකට වෙඩි ප්රහාර වැදී ඇති බවත් සඳහන්.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.