අමෙරිකාවේ දරුණු වෙඩි තැබීමක්
By Kanchana
අමෙරිකාවේ මිනියාපෝලිස් ප්‍රදේශයේදි සිදුවු වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ .
අමෙරිකානු ආගමන විගමන නිලධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම සිද්ධියට අදාළ කාන්තාව පැමිණි මෝටර් රථය පරික්ෂා කිරීමට යාමේ දී ඇය විසින් එම රථය එකවර ධාවනය කිරීමත් සමග මෙම වෙඩි තැබීම සිදුව ඇත.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 37 හැවිරිදි රේනි නිකෝල් ගුඩ් නමැති කාන්තාවක් බව වාර්තා වේ.