වෙඩි තැබීම්වලින් 23 දෙනෙකු මරුට

Nihal Talduwa Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Aug 12, 2022 03:58 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මැයි 31 වනදා සිට මේ දක්වා පාතාල කල්ලි සාමාජිකයින් අතර සිදු වූ වෙඩි තැබීම් 21කින 23 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඝාතන සිද්ධීය 14කට අදාලව සැකකරුවන් 31ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමග අද සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලබාදුන් තොරතුරු මත පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් මේ වනතෙක් සිදුකර නොමැති බවද ඔහු එහිදී සදහන් කළා. නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට එරෙහිව ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසක් පවතින අතර, මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම ඩුබායි සිට මෙහෙය වූ ප්‍රධාන ජාවාරම්කරු වන්නේද ඔහුයි.

ඔහුගේ ගෝලයන් කිහිප දෙනෙකුද පසුගියදා පොලිස් අත්අඩංගුවට පත් වූ අතර මෙරට සිදුවූ වෙඩි තැබීම් රැසක් හරක් කටා සැලසුම් කර තිබුණා. ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ ඔහු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් සහ ව්‍යාජ නාමයකින් පෙනී සිටින බවට මීට සති කිහිපයකට පෙර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හඳුනාගෙන තිබූ අතර, එම තොරතුරු ජාත්‍යන්තර පොලිසිය වෙත ලබාදී තිබුණා. ඒ අනුව ඔහුගේ බිරිද බවට සදහන් කාන්තාවක් සමග ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගි කර ගනිමින් මැලේසියාව බලා පිටත්ව යෑමට ඊයේ උත්සාහ කළ අවස්ථාවේ ඩුබායි ගුවන්තොටුපොළේදීයි එරට ආගමන විගමන නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now