ශ්‍රී ලංකාව අධි අවදානම් ගමනාන්තය බව වාර්තා ගැන ඕස්ට්‍රේලියාවෙන් හදිසි නිවේදනයක්

Report

ඕස්ට්‍රේලියානුවන් සඳහා ශ්‍රී ලංකාව අධි අවදානම් සංචාරක ගමනාන්තයක් ලෙස වර්ගීකරණය කර ඇති බවට සමාජ මාධ්‍යවල පැතිර යන වාර්තා කොළඹ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ.

මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව සඳහා ඕස්ට්‍රේලියානු රජයේ නිල සංචාරක උපදෙස් මට්ටම වෙනස් වී නොමැති බවයි. එනම්, ශ්‍රී ලංකාව සඳහා පවතින නිල උපදෙස් මට්ටම තවමත් වෙනස් නොවූ බවත්, එය සමාජ මාධ්‍යවල පැතිර යන වැරදි තොරතුරු මත පදනම් වූ බවත් කාර්යාලය පැහැදිලි කර තිබේ.


Gallery