ළමුන් 40ට වැඩි පන්තිවල ඉගැන්වීම් ගැන උපදෙස්.

By Sewvandhi Oct 23, 2021 09:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිවයින පුරා පිහිට රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) එළඹෙන 25 වන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා පවසයි.

එම ශ්‍රේණිවල පන්ති සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ අවසර ලබාදී තිබුණි. පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් හි ප්‍රාථමික අංශ ඔක්තෝබර් 21 දින සිට ආරම්භ විය.

ඒ අනුව දෙවන අදියර යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල් හි ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) මෙලෙස ආරම්භ කිරීම සිදුවෙයි. මේ අතර රජයේ අනුමත පෞද්ගලික පාසල්, කතෝලික පාසල්වල ප්‍රාථමික අංශ ද ඊට සමගාමීව අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට තීරණය වී තිබේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා සඳහන් කළේ, ළමුන් 40 වැඩියෙන් සිටින පන්ති පවත්වාගෙන යෑමේදී ළමයින් කොටස් වශයෙන් ගෙන්වා ඉගැන්වීම් කටයුතු සිදුකරන බවය.

ඒ සඳහා විදුහල්පතිවරුන්ට සම්පූර්ණ අවසර දී ඇති බවත් ඔහු පැවසීය. ඉදිරියේදී අනෙකුත් ශ්‍රේණිවල පන්ති ද ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර , පෞද්ගලික උපකාරක පන්ති සම්බන්ධයෙන් විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්දී තිබෙනවා.

මේ අනුව සියලුම උපකාර පන්ති ලබන මස පළමු වැනිදායින් පසු ආරම්භ කිරීමට හැකිවනු ඇති බවට වාර්තා වනවා. පාසල් විවෘත කිරීමට සමගාමීව පෞද්ගලික උපකාරක පන්තිද ආරම්භ කිරීමට කටයුතු කළ යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් කමිටු රැස්වීමේදී පෙන්වා දී තිබෙනවා.

ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.



ReeCha