දරුවන් අද පාසල් යැවීමට පෙර ‘අනිවාර්යයෙන් දැනුවත් විය යුතු කරුණු’ මෙන්න
දිවයින පුරා සියලු පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා වූ ප්‍රාථමික ශ්‍රේණි අද සිට යළි ආරම්භ වනවා. කොරෝනා ව්‍යාප්තිය අඩු වීමත් සමග ළමයින් 200ට අඩු පාසල් පසුගිය 21 වන දා සිට විවෘත කිරීමට කටයුතු කෙරුණා.
එහි තවත් එක් පියවරක් ලෙසයි සියළුම පාසල්වල ප්‍රාථමික අංශය අද (25) සිට විවෘත කරනු ලබන්නේ. එසේම වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ ප්‍රාථමික අංශවල ළමයින් පාසලට එවීමට කිසිවිටෙකත් බියවීමට අවශ්‍ය නොවන බවයි.
මේ අතර අද දිනයේ පාසල්වලට පැමිණෙන ළමුන්ට නිල ඇඳුමෙන් පැමිණීම අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඊයේ (24) සඳහන් කළා. ඔහු සඳහන් කළේ වසරකට වැඩි කාලයක් පාසල් නොපැවැත්වුණු බැවින් මේ වනවිට බොහෝ දරුවන්ට දැනට පවතින නිල ඇඳුම් භාවිතා කළ නොහැකි බවට වාර්තා වී ඇති බවයි.
ඒ හේතුවෙන් පාසලට පැමිණීමේදී වඩාත් සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීම යෝග්‍ය බව ලේකම්වරයා සඳහන් කළේ. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අන්තර් පළාත් සංචරණ සීමා යටතේ වුව ද පාසල් අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා පළාත් අතර සංචරණය කිරීමට අවස්ථාව හිමිවන බවයි
මේ අතර යම්කිසි දරුවෙකුට රෝගී තත්ත්වයක් ඇත්නම් පාසල් යැවීමෙන් වළකින ලෙසද සෞඛ්‍ය බලධාරීන් දැනුම් දෙනවා.
අමතර මුඛ ආවරණයක් දරුවාට ලබාදෙන ලෙසත් පාසලේ ආපන ශාලාවෙන් ආහාර ගැනීමට පුරුදු නොකරන ලෙසත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ, වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉල්ලීමක් ද කර සිටියා.
කෙසේ වෙතත්, අද සිට ප්‍රාථමික අංශ විවෘත කළ ද සිසුන් ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදුනොකරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමය ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ (24) මාධ්‍ය හමුවක් කැදවමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, අද සිට තම වෘත්තීය සමිති අරගලය වෙනත් මානයකින් සිදුකරන බව ප්‍රකාශ කළා.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |