ඔබ දියවැඩියා රෝගියෙකු නම් කොවිඩ් රෝගයෙන් වැළකීමට කුමක් කළ යුතු ද?
කොරෝනාවෛරස ව්‍යාප්තිය හමුවේ විශේෂ අවදානමක් සහිත රෝගී කාණ්ඩයක් වන දියවැඩියා රෝගීන් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 2 ම හැකි ඉක්මනින් ලබා ගැනීම ඉතාමත් වැදගත් බව අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත බුළුගහපිටිය මහතා පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හරහා ජනතාව දැනුවත් කරමින් ඔහු සඳහන් කරන්නේ, එන්නත් මාත්‍රා 2 ම ලබා ගැනීම තුළින් මෙම රෝගය වැළඳීමේ අවදානම අවම වනවා මෙන් ම කොවිඩ් රෝගය ඇති වුවහොත් මතු වන සංකූලතා ද ඉතාමත් අවම තත්ත්වයකට පත්වන බවය. තව ද කොරෝනාවෙරසය වැළඳුණු දියවැඩියා රෝගියෙකු සිය රෝගය සඳහා ගත යුතු ඖෂධ නියමිත මාත්‍රාවන්ගෙන් ගැනීම ද වැදගත් බව ඔහු පැවසීය.
"ඔබ දියවැඩියා රෝගියෙක් නම් ඔබ කොවිඩ් රෝගය පැතිර යන මේ මොහොතේදී ඔබේ ඖෂධ නියමිත මාත්‍රාවට අනුව ලබා ගැනීම ඉතා ම වැදගත් වෙනවා. සායනයකට පැමිණෙන්න ඔබට යම් හෙයකින් අපහසුතාවක් තියෙනවා නම්, ඔබගේ නිවසේ සිටින නිරෝගී පුද්ගලයෙකු සායනයට සහභාගී කරවලා ඒ අවශ්‍ය ඖෂධ ලබා ගන්න."
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, මේ වන විටත් කොරෝනා ආසාදිත දියවැඩියා රෝගියෙකු සිය ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු පියවර මොනවා ද? යන්න පිළිබඳව මෙලෙස සඳහන් කළේය.
"ඔබ මේ වන විටත් කොවිඩ් ආසාදිතයෙක් නම් දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා. ඔබ දැනට ගනු ලබන ඖෂධ නියමිත මාත්‍රාවට අනුව ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ සමග ම ඇඳ විවේකය ලබා ගැනීම අනිවාර්ය වෙනවා. ඔබට රෝග ලක්ෂණ ඇති වීමේදී සාමාන්‍ය කොවිඩ් රෝග ලක්ෂණවලට අමතරව හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වෙනවා. විශේෂයෙන් ම ළඟ ම තියෙන රෝහලට ඉක්මනින් ම යාම අත්‍යවශ්‍ය වෙනවා. ඔබ සහ ඔබේ පවුලේ සියලු දෙනා ම කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා නිසි සෞඛ්‍ය පිළීවෙත් අනුගමනය කිරීම වැදගත් වෙනවා."
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |