මුං ඇට සදහා සහතික මිලක් හඳුන්වා දීමට අගමැතිගෙන් උපදෙස්...

Dinesh Gunawardena Mahinda Amaraweera Sri Lanka Politician Green Beans Businessman
By Parami Dissanayake Sep 14, 2024 05:00 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

මුං ඇට සදහා සහතික මිලක් කඩිනමින් හඳුන්වා දෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා ලිපියක් යොමු කරමින් මෙලෙස උපදෙස් ලබා දී ඇත්තේ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙත ය.

ගාසා තීරයේ ළමුන් සඳහා පෝලියෝ එන්නත් ලබා දේ...

ගාසා තීරයේ ළමුන් සඳහා පෝලියෝ එන්නත් ලබා දේ...

එමෙන් ම, දිස්ත්‍රික් ලේකම්වරුන් වාර්තා කර තිබෙන්නේ, ආහාර සුරක්ෂිතතාව හා ආර්ථික පුනර්ජනනීය කමිටු හරහා සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පද්ධති මෙන්ම ප්‍රාදේශීය සංවර්ධන හා කෘෂිකර්ම කමිටු හරහා අතරමැදි කන්නයක් ලෙස ඉපනැල්ලේ මුං වගාව සඳහා ගොවීන් දැනුවත් කරමින් උනන්දු කරවීමේ ප්‍රතිඵලයක් ලෙස සාර්ථක මුං අස්වැන්නක් වෙළඳපොලට පැමිණෙමින් පවතින අතර ඒ සඳහා සාධාරණ තොග මිලක් පවතින බව ය.

ගංවතුර හේතුවෙන් රුමේනියාවේ සිව් දෙනෙක් ජිවිතක්ෂයට...

ගංවතුර හේතුවෙන් රුමේනියාවේ සිව් දෙනෙක් ජිවිතක්ෂයට...

මේ හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ මුං ඇට අස්වනු විශාල ලෙස වෙළඳපළට ඒමත් සමඟ මිල ගණන් පහතට හෙළමින් ගොවීන් අසරණභාවයට පත්වීම වළක්වාලීමට මෙම පියවර ගෙන තිබෙනවා.

ReeCha