අස්වැසුම ප්‍රතිලාභ ගැන අලුත්ම ආරංචිය.
Sri Lanka Economic Crisis
Sri Lanka
Ministry of Finance Sri Lanka
Economy of Sri Lanka
By krishani
ලක්ෂ 23ක පිරිසක් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් ලෙස තෝරාගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් වැඩබලන මුදල් ඇමති ශෙහාන් සේමසිංහ සඳහන් කළේ ය.
ඊයේ (20) මුදල් අමාත්‍යාංශයේ දී එම සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය ප්‍රසිද්ධියට පත් පත් කිරීම සිදු කෙරිණ.
ඒ අනුව මෙම නාමලේඛනය අද සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම සේවා වසම් මට්ටමින් ප්‍රසිද්ධියට පත් කිරීම සිදුකරනු ලබයි.
එමෙන්ම අද සිට දින 10ක කාලයක් විරෝධතා ඉදිරිපත් කිරීමට සහ අභියාචනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සැලසෙයි.