අනුර කුමාර දිසානායක මහතා සමග එක්ව වැඩ කිරීමට තමන් සූදානම් බව කියමින් චීන ජනපතිගෙනුත් සුබපැතුම්..

Report

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චීන ජනාධිපති ෂී ජින්පින් අද (23) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති දිවුරුම් දීමේ උත්සවයට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පැවැසුවේය.

ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර ගැටලුවට ඉහළ පුටුවක කෙනෙක් අත්අඩංගුවට ..

ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර ගැටලුවට ඉහළ පුටුවක කෙනෙක් අත්අඩංගුවට ..

චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍රශීලී අසල්වැසියන් බවත් දෙරට අතර හොඳ අවබෝධයක් මෙන්ම සහයෝගයක්ද තිබෙන බවත් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

නව ජනාධිපති ලේකම්වරයා නම් කෙරේ..(PHOTOS)

නව ජනාධිපති ලේකම්වරයා නම් කෙරේ..(PHOTOS)

චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතාව තවත් දැඩි කර ගැනීම ඉතා වැදගත්කොට සලකන බවත් දෙරට අතර සම්ප්‍රදායික මිත්‍රත්වය තවත් ඉදිරියට ගෙන යමින් දේශපාලනමය වශයෙන් අන්‍යෝන්‍ය විශ්වාසය තවත් තහවුරු කරගැනීමට මෙන්ම එක් තීරයක් එක් මාවතක් වැඩසටහනෙන් වඩාත් ඵලදායී ප්‍රතිඵලයක් ලබා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග එක්ව වැඩ කිරීමට තමන් සූදානම් බවත් චීන ජනාධිපති චීන ජනාධිපති ෂී ජින්පින් පැවැසුවේය.