රාජකීය විදුහලට මහා අවමානයක්.. බලෙන් ලියුමක් ගෙන්වා විදුහල්පති නෙරපයි.. විදුහල්පති යන්න බෑ කියයි.. නඩු දමන්න යයි.. පසුපස පොහොට්ටු ලේකම්..

Royal College
By Thaya Feb 17, 2021 04:58 PM GMT
Thaya

Thaya

Report

කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිවරයා එම ධුරයෙන් ස්ථාන මාරු කරමින් අධ්‍යාපන අමාත්‍යංශය ලේකම්වරයා විසින් යවන ලද ලිපිය ප්‍රතික්ෂේප කිරීමට ඔහු කටයුතු කර ඇත. ඒ බව දන්වමින් විදුහල්පතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ තමන් ධුරයෙන් ඉවත් වීමට කැමති බව පවසමින් පළමුව යොමු කරන ලද ලිපිය ඉවත් කරගන්නා බව දන්වමින් යොමු කරන ලද ලිපිය නොතකා සේවයෙන් ස්ථානමාරු කිරීම වැරදි සහගත බවයි.

නව විදුහල්පතිවරයෙක් පත් කරන තෙක් රාජකීය විදුහල වැඩබලන විදුහල්පති වරයෙකු යටතට පත් කිරීමට අධ්‍යාපන ලේකම් විසින් දන්වා ඇතත් මේ තත්ත්වය මත විදුහලේ පරිපාලනය යම් ගැටළුකාරී තත්වයකට පත්ව ඇත. මේ අතර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මාධ්‍ය හමුව කැඳවා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා රාජකීය විදුහලේ විදුහල්පතිවරයා ඉවත් කිරීම පසුපස දැඩිව ක්‍රියාත්මක වෙමින් සිටින බවයි. ධුරයෙන් සේවා මාරු වීමට කැමැත්ත පල කර ලිපියක් ලියා දෙන ලෙස බල මන්ත‍්‍රීවරයා විසින් රාජකීය විදුහල්පතිට කර ඇති බවද උන්වහන්සේ මාධ්‍ය අමතමින් කියා සිටියහ

ReeCha