රනිල් සතිය අයිස් සතිය ඉවර වෙලා දැන් තියෙන්නේ තාජුඩීන්ගේ සතිය, මේක ආණ්ඩුව ඔහුගේ ආත්මයටත් කරන ලොකු අසාධාරණයක් - නාමල්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ආන්දෝලනයට තුඩු දී ඇති තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කර තිබෙනවා.
එහිදී ඔහු කියා සිටියේ අයිස් සතිය, රනිල් සතිය ඉවර වී මේ වන විට තාජුඩීන්ගේ සතිය පැමිණ ඇති බවයි.
කෙසේ වුවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන වාසි නොගෙන ඊට සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.
ඔහු මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. එම අවස්ථාවේදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු කියා සිටියේ,
" මේ ආණ්ඩුව බලයට එන්නත්, බලයට එන්න කලින් හිටපු යහපාලන ආණ්ඩුවත් මේ රාජපක්ෂලා කේන්ද්‍ර කරගෙන නොයෙක් අභූත චෝදනා පැන නැගුවා. අපි ගැන 2015 ඉඳලා පරීක්ෂණ කටයුතු කෙරුවා. මැතිවරණ වේදිකාවල නැගලා කියපු බොරු සත්‍ය කරන්න උත්සාහ කළා. අපි දැක්කා ඔය තාජුඩීන්ගේ කේස් එක සම්බන්ධයෙනුත් නාරාහේන්පිට ඕඅයිසී මහත්තයාව ගෙනිහිල්ලා බලහත්කාරයෙන් බොරු සාක්ෂි කියවගන්නත් එදා හිටපු නිලධාරින් කටයුතු කළා. ඒ නිලධාරීන් ම තමයි අද ඉහළ පුටුවල වාඩිවෙලා මේ ආණ්ඩුව ඇතුලෙත් ඉන්නේ. ඒ විතරක් නෙමෙයි අපි දැක්කා පහුගිය දවස්වල හිටපු නාවික හමුදාපතිවරයාගේ නඩුව සම්බන්ධයෙනුත් බොරු සාක්කි කියන්න බලපෑම් කරා කියලා පොලිස් නිලධාරියෙක් අධිකරණයට ගිහිල්ල තියෙනවා. මේ CID එක නිරන්තරයෙන් බොරු සාක්ෂි හදලා තමන්ගේ ආණ්ඩුව සතුටු කරන්න උත්සාහ කරා. මම දැක්කා ඊයේ දිනේදී පොලිසිය මාධ්‍ය ප්‍රකාශක යම් මාධ්‍යයක් ඉදිරියට ඇවිත් කරුණු දක්වනවා. මම හිතන්නේ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දැක්විය යුත්තේ මාධ්‍යට නෙවෙයි අධිකරණයට. ඒත් එහෙම කරන්නෙ මේ නඩුව සම්බන්ධයෙන් දේශපාලන කතිකාවතක් ගොඩනගන්න තියෙන උත්සාහයට. අපි අදත් ආණ්ඩුවට කියන්නේ අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු කරන්න. යම්කිසි කෙනෙක් තමන්ගෙ ස්වාමිපුරුෂයා ඉනට අත තියාගෙන ඉන්නවා කියලා හඳුන ගත්තනම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන විදිහටම ඒ ඇයගේ ස්වාමිපුරුෂයාද ඇය පහුගිය දිනවලදී කොහෙද ජීවත් වුණේ කාත් එක්කද කවුද ඇසුරු කරේ යන්න සම්බන්ධයෙනුත් ආණ්ඩුව සහ පොලිසිය හොයල බලන්න ඕන. ඒවගේම තමයි තාජුඩීන් සම්බන්ධයෙන් තමන්ගේ දේශපාලන වේදිකාව නිර්මාණය කර ගැනීමට මහන්සි වෙන් නැතුව ඔහු යම්කිසි අසාධාරණයකට ලක්වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් සාධාරණව සහ අපක්ෂපාතීව කරන්න. එහෙම නැත්නම් මේ ආණ්ඩුව කරන්නේ ඔහුගේ ආත්මයටත් කරන ලොකු අසාධාරණයක්. යම් යම් අයගේ පෞද්ගලික හේතු කාරණා ඉෂ්ට කරගන්න ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතා ඉෂ්ට කර ගන්න, පහුගිය කාලෙ අයිස් සතිය දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සතිය ඉවරවෙලා දැන් ඇවිත් තියෙන්නේ තාජුඩීන්ගේ සතිය.

CCTV දර්ශණ මගින් තාජුඩීන් ඝාතනයට ආ සෙට් එක සමඟ තම ස්වාමියා වූ කජ්ජා සිටි බවට බිරිඳ හඳුනා ගනී,ඇය කෙරූ හෙලිදරව්ව මෙන්න
ඉදිරි කාල සීමාව ඇතුළේ මොන මොන සති මේ ආණ්ඩුව ගෙනෙයිද දන්නේ නෑ. හැබැයි අපි කියන්නේ අපි ගමින් ගමට යනකොට ජනතාව අපි වටා එකතු වෙනකොට ආණ්ඩුව කියපු බොරු. මේ රොකට් එක සම්බන්ධයෙන් බොරු කිව්වේ අපි නෙවෙයිනේ, ආණ්ඩුවනේ විපක්ෂේ ඉන්න කාලේ. ඒ රොකට් එක පැලවත්තට කඩන් වැටුණහම අනිත් පැත්තෙන් නෙළුම් කුළුණ ණය කුළුණ කියපු අයට නෙළුම් කුළුණ ලාභ ලබන ආයතනයක් බවට ප්‍රකාශ කරන්න සිද්ධ වුණාම නිරන්තරයෙන් බොරු චෝදනා හදල අපේ ඇඟේ ගහන්න උත්සාහ කරහම කන්ට්‍රේනර් පන්නපු අයගේ නම් ඇහුවාම වරායෙන් කන්ටේනර් 323 ක් සහ අර කියන කන්ටේනර් දෙක කවුද එලියට දාන්න අණ දුන්නේ කියලා නම කියන්න පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කළහම ඒ නම කිව්වොත් මේ කන්ටේනර්ට් 323 ත් අර කුඩු කන්ටේනර් දෙකත් පැලවත්තට කඩාගෙන වැටෙන නිසා දැන් තාජුඩීන්ව ගොඩ ගන්න උත්සාහ කරනවා. අපි ආණ්ඩුව නිරන්තරයෙන් ප්‍රශ්න කරනකොට ඒ ප්‍රශ්නවලට උත්තර දීගන්න විදිහක් නැතුව මහජනතාවගෙ මතය වෙනතකට යොමු කරන්න උත්සාහ කරනවා. ඒනිසා සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක වේවා වෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන් ආණ්ඩුවේ වුවමනාව මත පරීක්ෂණ සම්බන්ධව බොරු කරුණු ඉදිරිපත් කරන්න උත්සාහ කළෝතින් හෝ අධිකරණ කටයුතුවලට අගතියට පත් වෙන විදිහට ඒ කරුණු ප්‍රකාශ ඉදිරිපත් කරන්න හැදුවොතින් ඒ පිළිබඳවත් ඉදිරියට අපි නීතිය ක්‍රියාත්මක කරනවා" යනුවෙන්.
