රටම බේරගත්ත අප්පච්චිට තමන්ගේ දරුවන්ව හදාගන්න බැරි උනා එළියට ආ තාජුඩීන් කේස් එකත් එක්ක සමනලීගෙන් සටහනක්
රංගන ලෝකය තුළ බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගත්තු ආදරණීය කලාකාරිනියක් තමයි සමනලී ෆොන්සේකා කියන්නේ.
මාලනී ෆොන්සේකාගේ ඥාති දියණියක් වන ඇය මේ වන විට කලා කටයුතු වලට අමතරව ප්‍රධාන වශයෙන් දේශපාලන කටයුතු රැසක නිරත වී සිටි.
ඇය නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි.එහි විජයග්‍රාහී ගමන් මග වෙනුවෙන් ඇය ඇප කැපවී වැඩ කළ චරිතයක් බව බහුතරයක් දෙනා දන්නා දෙයකි.
පසු ගිය දා රගර් ක්‍රීඩකයෙක් වූ වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් නව රජය බලයට පත්වීමත් සමගම විමර්ශන රැසක් ක්‍රියාත්මක කොට තිබේ. බහුතරයක් දෙනා නාමල් රාජපක්ෂ මෙම අපරාධයට මූලික වුනා යැයි කට කතා පතුරන විට තවත් සමහරක් දෙනා ඊට විරුද්ධ අදහස් පළ කර තිබුණි.
කෙසේ නමුත් සෘජුවම හෝ වක්‍රව මෙම චෝදනා එල්ල වනුයේ මහින්ද රාජපක්ෂ ගේ පුත්වන නාමල් රාජපක්ෂට යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?
එවැනි කාල සීමාවක් තුළ සමනලී ෆොන්සේකාද තමන්ගේ මුහුණු පොතට ආන්දෝලාත්මක සටහනක් එක් කොට තිබුණි. එහිදී ඇය සඳහන් කර තිබූ ප්‍රකාශය පහතින් උපුටා දක්වා ඇත.
""රට ම බේරගත්ත කියන අප්පච්චිට... තමන්ගෙම දරුවන්ට හොඳ නරක කියලා දීලා, ඇත්තටම විභාග pass කරවලා උගන්නලා උගත්කම ලබා දීලා, සමාජයේ නපුරුම දේවල් වල 'ම්ලේච්ඡ පංගුකාරයෙක්' වෙන්නට ඉඩ නොදී බේරගන්න බැරි උනා..!!!""