ඉඩම්වලට ඔප්පු ලබාදීම සම්බන්ධයෙන් සුභ ආරංචියක්....

Report

පවුල් ලක්ෂ 20ක් සඳහා ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කාණ්ඩ කිහිපයක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නිශ්චිත ක්‍රමවේදයකට යටත්ව වගකිව හැකි ලියවිල්ලක් සහිතව අදාළ ඉඩම් ලබාදීමට පියවර ගන්නා බවය.

ඔබ ඔබේ ඉඩමේ උරුමකරුවෙකු ලෙස පිළිගන්නා අතර ඒ සඳහා සින්නක්කර ඔප්පුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි ඔහු පවසා ඇත්තේ.

ඒ අනුව ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කාණ්ඩ කිහිපයකට බෙදා ඇත්තේ මෙසේය.

01 වන කණ්ඩායම - දීමනා පත්‍ර ලැබී ඇත. ඉඩම මැන තිබේ.

ගැටලු කිසිවක් නොමැති කාණ්ඩය

02 වන කණ්ඩායම - අවසර පත්‍ර දී ඇත.

ඉඩම මැන තිබේ. ගැටලු කිසිවක් නොමැති කාණ්ඩය

03 වන කණ්ඩායම - දීමනා පත්‍ර ලැබී ඇත. මැන නොමැත.

04 වන කණ්ඩායම - අවසර පත්‍ර දී ඇත. මැන නොමැත.