විශේෂ සම්මුඛ පරීක්ෂණයකට දින නියම වෙයි - වැඩි විස්තර සඳහා පිවිසෙන්න..
Government Employee
Government Of Sri Lanka
Latest Headlines
By Sewvandhi
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසන්නේ, ග්‍රාම නිලධාරී ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය මාර්තු මස 13,14 සහ 15 යන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
එම සම්මුඛ පරීක්ෂණය නාරාහේන්පිට පිහිටි නිල මැදුර පරිශ්‍රයේ ස්වදේශ කටයුතු අංශයේදී සිදුකෙරෙන බවයි, නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එසේම ඊට අදාළ සුදුසුකම් ලබා තිබුණද මේ දක්වා කැඳවීම් ලිපි ලැබී නොමැති අයදුම්කරුවන්ට www.moha.gov.lk වෙබ් අඩවියේ පළකර ඇති ලේඛනයෙන් එම තොරතුරු ලබාගත හැක. එ
සේම එම සම්මුඛ පරීක්ෂණය සඳහා රැගෙන ආ යුතු ලේඛන පිළිබඳව එම වෙබ් අඩවිය මගින් තොරතුරු ලබාගතහැකි බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
