පෞද්ගලික බස් රථ සඳහා එක්වන GPS.. හේතුව මගී ප්‍රවාහන අධිකාරිය කියයි..

Kandy Sri Lanka
By krishani Jul 10, 2023 03:01 AM GMT
krishani

krishani

Report

මහනුවර නගර සංවර්ධනය කමිටුව විසින් මහනුවර හා තදාසන්න ප්‍රදේශවල ධාවනය වන පෞද්ගලික බස් රථ GPS තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමට තීරණය කර ඇත.

මේ සඳහා මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ මහනුවර මූලස්ථාන පොලිසිය එක්ව නිරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

ඒ දුර ගමන් සේවා නොවන බොහෝ බස් රථ සිය ගමන් වාර ආරම්භ කර නගර සීමාව පසු වන තෙක්ම මන්දගාමීව ධාවනය වන බවට පැමිණිලි ලැබී ඇති හෙයින් ය.

මෙම GPS තාක්ෂණයෙන් බස් රථ නිරීක්ෂණය කිරිම තුළින් මාර්ගයේ තදබදය පාලනය කිරීම අරමුණ වේ.