"ජනාධිපති රට වටේ ගියත් ජනතාවට සහන නැහැ" - බහුජන බලයෙන් රජයට දැවැන්ත ප්‍රහාරයක්

Report

බහුජන බලය සංවිධානය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවකදී වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි දේශපාලන විවේචනයකට ලක් කර තිබේ.

ප්‍රියංකර මාගම්මුල්ල සහ විධායක සභික චාමර විජේසූරිය යන මහත්වරුන් මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ඉදිරිගමන දැඩි ලෙස ප්‍රශ්න කළහ.

රට තුළ ජනතාව දැඩි ආර්ථික පීඩාවකට මුහුණ දී සිටින බවත්, ජනාධිපතිවරයා රට වටේ සංචාරය කළද ජනතාවට සහන සැලසීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඔවුන් පෙන්වා දුන්නෝය.

22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් නැගුණු දේශපාලන විවේචන සිහිපත් කරමින්, පාර්ලිමේන්තුව හරහා පනත් සම්මත කරගනිමින් විධායකය අධිකරණය තම ග්‍රහණයට හෝ අතකොළුවක් කර ගැනීමට උත්සාහ කරන බවට බරපතළ සැකයක් මතුව ඇති බව සඳහන් කළේය.

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය

  

රජයට මෙතරම් බලයක් ඇතැයි පැවසුවද, තමන්ට නිසි පරිදි ජන රැළියක් හෝ පැවැත්වීමට නොහැකි වී ඇති බව ඔවුන් මෙහිදී පෙන්වා දුන්නේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන් ඉලක්ක කරමින් සහ ප්‍රචාරයන් ගෙන යමින් ආණ්ඩුව දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවටත්, මෙරට ආරක්ෂක අංශවල මෙන්ම බෞද්ධ ඇදහිලි සහ සංස්කෘතිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද රජය අනුගමනය කරන ප්‍රතිපත්ති දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළේය.

ෂාපි යමින් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩේවිකාවන්ට ආසියානු තරගාවලියට සහභාගී වීමට නොහැකි වී ඇති ගැටලු සම්බන්ධයෙන් ද බලධාරීන්ගේ වගකීම් විරහිතභාවය මෙහිදී හෙළා දකින ලදී.

ලංකාවටම ඩීසල් නැති වෙන ලකුණු.. දිවයිනේ ප්‍රදේශ රැසක උග්‍ර ඩීසල් හිඟයක්.. ඉන්ධන පිරවුම්හල් 500ක් වසා දැමීමට සිදුවන බවට රතු එළි

ලංකාවටම ඩීසල් නැති වෙන ලකුණු.. දිවයිනේ ප්‍රදේශ රැසක උග්‍ර ඩීසල් හිඟයක්.. ඉන්ධන පිරවුම්හල් 500ක් වසා දැමීමට සිදුවන බවට රතු එළි