ආණ්ඩුව ෆේල්.. පැවති යහපාලනේ මීට වඩා හොදයි..- මැඩිල්ලේ හිමි.. ‘එක් රටක් එක නීතියක්’ නම් ඥාණක්කාගෙන් අසා රට කරවන්න එපා.

goverment
By Thaya Dec 29, 2020 08:24 PM GMT
Report

එක් රටක් එක නීතියක් යටතේ රට පාලනය කරන බවට පොරොන්දු වූයේ නම් අනුරාධපුරයෙන් ඥානක්කාගේ උවමනාවට අනුව රට පාලනය නොකර ජනවරමට අනුව රට පාලනය කරන්නැයි ඉල්ලා සිටින බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

කොරෝනා මෘත දේහයන් භූමදානය කරන්නැයි බල කරමින් අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවති විරෝධතාවයේදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

ඉස්ලාම් අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරවලට ලක් වූ රටක් ලෙස මෙම වෛරස් සහිත මෘතදේහ භූමදානය කලහොත් එම අන්තවාදීන් විසින් මල සිරුරු ගොඩගෙන වෛසරය කුමන ත‍්‍රස්ත කටයුත්තකට භාවිත කරාවිදැයි කිව හැක්කේ කාට දැයි උන්වහන්සේ ප්‍රශ්න කළහ.

මේ සම්බන්ධයෙන් සංඝයා වහන්සේලාට පාරට බහින්නට සිදුවීම ගැන ආණ්ඩුව ලැජ්ජාවට පත්විය යුතු යැයිද භික්ෂූන් වහන්සේලා පාරට බැසීමම, පාරේ රස්තියාදු කරවීමම වත්මන් ආණ්ඩුව අසමත්කමට හොඳම නිදර්ශණය යයිද උන්වහන්සේ කියා සිටියහ.

ආණ්ඩුව වලලනවාද වැලලෙනවාද මෙම මෘත දේහ සම්බන්ධ ප්‍රශ්නයේදී තීන්දු කර ගන්නා ලෙසද ආණ්ඩුවට දන්නවා සිටින බව ද උන්වහන්සේට දැඩිව කියා සිටියහ.

එක රටක් එක නීතියක් නම් ආගම් අනුව නීති වෙනස් විය නොහැකි බවත් පැවසූ එහිමියෝ එසේ වන්නේ නම් පැවති යහපාලනය මීට වඩා හොද යයිද පැවහූහ.