ආයෝජක ඔබට සුවිශේෂී අවස්ථාවක් - රජයේ බංගලා බදු පදනම යටතේ ලබාදීමට සැලසුම්

Report

කොළඹ ප්‍රදේශයේ උපායමාර්ගික ස්ථානවල පිහිටි රජයට අයත් බංගලා ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ දැනට පවතින රජයේ දේපළ වඩාත් ඵලදායී ලෙස භාවිතයට ගනිමින් ඒවායේ ආර්ථික වටිනාකම ඉහළ නැංවීමයි.

ඒ අනුව, අදාළ බංගලා දේපළ ප්‍රතිසංවර්ධනය, ප්‍රතිසංස්කරණය, නව භාවිතයන් සඳහා අනුවර්තනය කිරීම, මෙහෙයුම් සහ නඩත්තු කටයුතු සිදුකරමින් වාණිජ කටයුතු සඳහා යොදාගැනීමට සුදුසුකම් ලත් ආයෝජකයන් වෙත ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

සිල්ලර වෙළෙඳසැල්, බුටික් හෝටල්, කැෆේ සහ අවන්හල් ඇතුළු විවිධ ව්‍යාපාරික කටයුතු සඳහා මෙම දේපළ භාවිත කිරීමට අවස්ථාව හිමිවනු ඇති බව සඳහන්. අදාළ ව්‍යාපෘති වසර 30ක බදු පදනම මත ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

තෝරාගනු ලබන ආයෝජකයන් විසින් තමන්ට ලබාදෙන බංගලා සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිසංවර්ධන, ප්‍රතිසංස්කරණ, මෙහෙයුම් සහ නඩත්තු කටයුතු සිදුකළ යුතු වනවා. කෙසේ වෙතත්, අදාළ ගොඩනැගිලි සහ ඉඩම්වල හිමිකාරීත්වය තවදුරටත් ශ්‍රී ලංකා රජය සතුව පවතිනු ඇති.

හෙට උදෑසන 9 දක්වා මේ පැති අවදානමේ - දැන්ම ප්‍රවේශම් වෙන්න

හෙට උදෑසන 9 දක්වා මේ පැති අවදානමේ - දැන්ම ප්‍රවේශම් වෙන්න

එමෙන්ම, යෝජිත ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලුම ව්‍යවස්ථාපිත අනුමැතීන්, අවසර පත්‍ර, බලපත්‍ර සහ අනෙකුත් නෛතික නිෂ්කාශන ලබාගැනීම ආයෝජකයන්ගේ වගකීමක් බවද දැනුම් දී තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයන්ට අදාළ නියමයන් හා කොන්දේසි අනුව තම යෝජනා ඉදිරිපත් කළ හැකි අතර, ඒ සඳහා අවශ්‍ය තොරතුරු පහත සඳහන් ආකාරයට ලබාගත හැකියි.

බන්ධනාගාරවල නොසන්සුන් තත්ත්වය ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක්

බන්ධනාගාරවල නොසන්සුන් තත්ත්වය ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක්

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න