හදිසි වෙනසක් - රත්තරන් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට වැදගත් නිවේදනයක්
ජාත්‍යන්තර වෙළඳපොලේ රන් මිල වෙනස්වීම් අනුව, දේශීය රන් මිල නිරන්තරයෙන් උච්චාවචනය වේ. ඊයේ මිලට සාපේක්ෂව අද ජාත්‍යන්තර වෙළඳපොලේ රන් අවුන්සයක මිල සුළු වශයෙන් පහත වැටී ඇත.
ඊයේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 98 කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් 4,355 ක් ලෙස වාර්තා විය. මෙම තත්ත්වය තුළ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,342 ක් ලෙස වාර්තා විය.
මේ අනුව, අද රන් අවුන්සයක මිල ඊයේ මිලට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් 13 කින් අඩු විය. මේ අතර, ජාත්‍යන්තර වෙළඳපොලේ රිදී අවුන්සයක මිල ද අද සුළු වශයෙන් පහත වැටී ඇත.
ඒ අනුව, අද රිදී අවුන්සයක් ඇමරිකානු ඩොලර් 63.58 කට අලෙවි වන බව වාර්තා වේ.
ඒ අනුව ලංකාවේ රන්මිල පහතින්,
රන් අවුන්ස රු. 1,347,429.00 ක් වේ.
කැරට් 24 ග්‍රෑම් 1 රු. 47,530.00 ක් වේ.
කැරට් 24 ග්‍රෑම් 8 (උකස් 1) රු. 380,250.00 ක් වේ.
කැරට් 22 ග්‍රෑම් 1 රු. 43,570.00 ක් වේ.
කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) රු. 348,600.00 ක් වේ.
කැරට් 21 ග්‍රෑම් 1 රු. 41,590.00 ක් වේ.
කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1) රු. 332,750.00 ක් වේ.