හිමාචල් ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයක බස් රථයක් පෙරළී 8ක් මරුට

Report

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ චම්බා දිස්ත්‍රික්කයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයින් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දසදෙනෙකු තුවාල ලබා තිබේ.

අද (08) පෙරවරුවේ බයිරගාර්හ්-ටිස්සා මාර්ගයේ දේවිකෝති ප්‍රදේශයේ චලුන්ජ් මෝර් ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ෂර්මා බස් සේවයට අයත් මෙම බස් රථය බයිරගාර්හ් සිට චම්බා දක්වා ධාවනය වෙමින් තිබියදී අනතුරට ලක්ව ඇත.

බයිරගාර්හ් ප්‍රදේශයෙන් පෙරවරු 6.30ට පමණ ගමන් ආරම්භ කර ඇති බස් රථය කිලෝමීටර් තුනක පමණ දුරක් ධාවනය කිරීමෙන් අනතුරුව මාර්ගයෙන් ඉවතට පෙරළී පහළින් පිහිටි තවත් මාර්ගයකට වැටී ඇති බව බලධාරීන් සඳහන් කර තිබේ.

තායිලන්තයේ පාසලක හද කම්පා කළ වෙඩි තැබීමෙන් පසු ගිනිඅවි නීති දැඩි කරයි - පොදු ස්ථානවල ගිනිඅවි රැගෙන යාමට සීමා

තායිලන්තයේ පාසලක හද කම්පා කළ වෙඩි තැබීමෙන් පසු ගිනිඅවි නීති දැඩි කරයි - පොදු ස්ථානවල ගිනිඅවි රැගෙන යාමට සීමා

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 18 දෙනෙකු ගමන් කර ඇති අතර, පෙරළුණු බස් රථයේ සුන්බුන් අතර කිහිපදෙනෙකු සිරවී සිට ඇති බව වාර්තා වේ. අනතුරින් පසු පුද්ගලයින්ගේ කෑගැසීම් ඇසීමත් සමඟ ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ පොලිසිය දැනුවත් කර තිබේ.

අනතුරට ලක්වූවන් මුදා ගැනීම සඳහා ජාතික ආපදා ප්‍රතිචාර බළකාය (NDRF), පොලිසිය, ස්වදේශ ආරක්ෂක බළකාය, ගිනි නිවන සේවා සහ ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබේ. තුවාල ලැබූ පුද්ගලයින් දසදෙනාගෙන් හයදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වන අතර, ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා චම්බාහි පණ්ඩිත් ජවහර්ලාල් නේරු රජයේ වෛද්‍ය විද්‍යාලය සහ රෝහල වෙත යොමු කර තිබේ.

චම්බා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අධිකාරිය තහවුරු කර ඇත්තේ අනතුරින් පුද්ගලයින් අටදෙනෙකු මියගොස් ඇති අතර තවත් දසදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත. අනතුරට හේතුව සොයා බැලීම සඳහා බලධාරීන් විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

අනතුර සිදුවූ බයිරගාර්හ්-ටිස්සා මාර්ගය කිලෝමීටර් 27ක් පමණ දිගින් යුත් කඳුකර මාර්ගයක් වන අතර, එය දුෂ්කර හා පටු මාර්ග මෙන්ම දැඩි බෑවුම්වලින් සමන්විත ප්‍රදේශයක් ලෙස සැලකේ.

දුරස්ථ චුරාහ් නිම්නය හරහා වැටී ඇති මෙම මාර්ගය, ඉහළ උන්නතාංශයක පිහිටි සච් පාස් ප්‍රදේශය වෙත ගමන් කරන පුද්ගලයින් සඳහා වැදගත් මාර්ග සම්බන්ධතාවක් ලෙස ද භාවිත වේ.

ජෙරුසලම ආසන්නයේ කලන්ඩියා සරණාගත කඳවුරේ හමුදා මෙහෙයුමක් - පලස්තීනුවන් 51ක් තුවාල ලබයි

ජෙරුසලම ආසන්නයේ කලන්ඩියා සරණාගත කඳවුරේ හමුදා මෙහෙයුමක් - පලස්තීනුවන් 51ක් තුවාල ලබයි

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න