ඉන්දියා - ශ්‍රී ලංකා පුහුණු තරගයේ දෙවන දිනයට වර්ෂාවෙන් බාධා - තරගය නතර කරන විට විස්තරය මෙන්න
By Malith Madushan
ඉන්දියාව සහ ශ්‍රී ලංකා XI කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු ටෙස්ට් තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ. ඉනිම නතර කරන විට ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 67ක් ලබා සිටියේය.
කේ.එල්. රාහුල් සහ දෙව්දත් පඩික්කල් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකා XI කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 363ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය.
ශ්‍රී ලංකා XI පළමු ඉනිම වෙනුවෙන් නිශාන් මධුෂ්ක ලකුණු 66ක් සහ රවිඳු රසාන්ත ලකුණු 71ක් රැස් කළහ. ඒ අනුව මේ වන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් අතැතිව ශ්‍රී ලංකා XI පළමු ඉනිමට වඩා ලකුණු 296ක් පසුපසින් සිටියි.