නව නීතියක් - වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීමට අවසර
නව පරිසර පනත යටතේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නව රෙගුලාසි මාලාවක් හඳුන්වා දීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.
පරිසර සුරක්ෂිතතාව සහ මහජන පීඩාවන් අවම කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇත. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ, අදාළ නව රෙගුලාසි යටතේ ඉදිරියේදී ශබ්ද දූෂණය කිරීමේ චෝදනාව වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගත හැකි බරපතළ වරදක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.
මෙම නව සම්ප්‍රදාය හරහා ශබ්ද දූෂණය සම්බන්ධයෙන් වන නීතිමය ක්‍රියාමාර්ග වඩාත් කාර්යක්ෂමව සහ තදින් ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.