බන්ධනාගාරවල නොසන්සුන් තත්ත්වය ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක්

Report

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් දිවයිනේ බන්ධනාගාර කිහිපයක පවතින නොසන්සුන්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළේය.

ඔහු සඳහන් කළේ, මැගසින් බන්ධනාගාරයේ “ඊ සෙල්” වාට්ටුව ආශ්‍රිතව මෙම අර්බුදකාරී තත්ත්වය මුලින්ම හටගෙන ඇති බවයි. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරම විශාල වශයෙන් සිදුවන බවට තොරතුරු පවතිනවා.

මැගසින් බන්ධනාගාරයේ ඇති වූ කලබලකාරී තත්ත්වයටද එම මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රධාන හේතුවක් වී ඇති බව පෙනී යනවා. මත්ද්‍රව්‍ය බන්ධනාගාර පද්ධතිය තුළට ඇතුළුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් පිළිබඳවද චෝදනා එල්ල වී තිබෙනවා.

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ - හමුදාව සහ පොලිසිය සීරුවෙන්

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ - හමුදාව සහ පොලිසිය සීරුවෙන්

එවැනි ක්‍රියා පාලනය කිරීමට උත්සාහ කරන අවස්ථාවලදී ඇතැම් නොසන්සුන් තත්ත්වයන් මතුවන බව පෙනී යනවා. කෙසේ වෙතත්, සියලුම බන්ධනාගාර නිලධාරීන්ට එල්ල වන චෝදනාවක් ලෙස මෙය සැලකිය නොහැකියි.

නමුත් ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මෙම තත්ත්වයන්ට බලපාන්නේද යන්න පිළිබඳව සැකයක් පවතිනවා. බන්ධනාගාර තුළ පවතින අධික තදබදයද මෙවැනි ගැටලු ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණක් වුවත්, වර්තමානයේ එම තත්ත්වය වෙනත් ආකාරයක ගැටලුවක් බවට පරිවර්තනය වෙමින් පවතින බව පෙනී යනවා.

එමෙන්ම, කුරුවිට බන්ධනාගාරය තුළද නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ ආරම්භ වූ එම තත්ත්වය අද උදෑසන වන විට වඩාත් උග්‍ර ස්වරූපයක් ගෙන ඇති බවද වාර්තා වෙනවා, යනුවෙන් සුදේශ් නන්දිමාල් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් තවමත් නොසන්සුන් - විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වහාම පැමිණෙයි

පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් තවමත් නොසන්සුන් - විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වහාම පැමිණෙයි

මෙහිදී ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

“අපි කියන්නේ මේ තත්ත්වයන් මත, මේ මොන තත්ත්වයන් මත මොන කුමන්ත්‍රණ හෝ මේ බන්ධනාගාර තදබදය හෝ ඒ සියලු දේවල් මැද මෙවැනි කලබලකාරී තත්ත්වයන් ඇති වෙනකොට, අද මේ කුඩු ජාවාරම්කරුවන් සම්බන්ධ නම් මේවාට, නමුත් අද මේකේ ඉන්න අහිංසක මිනිස්සු අද ඇවිල්ලා ඉන්නවා. එක්කෝ ඇක්සිඩන්ට් එකකට ඇවිල්ලා ඉන්නවා, එක්කෝ සුළු වැරදිවලට ඇවිල්ලා ඉන්නවා. මෙලෝ දෙයක් දන්නේ නැති අහිංසක මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ටත් අද ජීවිත විශාල තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ආණ්ඩුව මේ වෙනකොට මේ සම්බන්ධව මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය කියලා අපිට හිතාගන්න බැරි වෙලා තියෙනවා. මොකද මේ කලබලකාරී තත්ත්වය ඇති කරන පිරිස් පමණක් නෙමෙයි, නිකන් කිසිම දෙයක් දන්නේ නැති අහිංසක රැඳවියෝත් අද අනතුරට පත් වෙනවා. මොකද ඒකට හොඳම උදාහරණය තමයි මේ මීගමුව සිදුවීමේදී කිසිම දෙයක් දන්නේ නැති රැඳවියෝ, මේ කලබලයට කිසිම සම්බන්ධයක් නැති රැඳවියෝ ඝාතනය වුණා. ඊට පස්සේ මීගමුව බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරවලට රැඳවියෝ ගෙනිච්චම වැරදිකරුවා, නිවැරදිකරුවා නැතුව ඒ ගෙනියන සියලුම රැඳවියන්ට අමානුෂික විදිහට වධහිංසනයට පත් කරලා මරා දාලාත් තිබුණා. ඉතින් මේ තත්ත්වය එක්කම අපි කියන්නේ මේ වෙලාවේ බුද්ධිමත්ව බන්ධනාගාර නිලධාරීනුත් ක්‍රියාත්මක වෙන්න ඕනෑ වෙලාවක් මේක. මොකද මේවා ඝාතනය කරලා විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි. නැත්නම් තුවක්කුවේ උණ්ඩය ඉස්සර කරලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. එසේ වුණොත් මේක ජාත්‍යන්තරය තුළත් විශාල වශයෙන් අපේ රට කොන් වෙන තත්ත්වයක් තියෙනවා. මොකද මේ විදිහේ ඝාතන, මේ නිරායුද සිරකරුවන් ඝාතනය කළා කියන පණිවිඩය තමයි ජාත්‍යන්තරයට යන්නේ. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුවෙන් මේ වෙනකොට වහාම මේ සම්බන්ධව ආණ්ඩුව දරන ස්ථාවරය මොකක්ද, ආණ්ඩුව මේකට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා.”       

පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් තවමත් නොසන්සුන් - විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වහාම පැමිණෙයි

පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් තවමත් නොසන්සුන් - විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වහාම පැමිණෙයි