හෙට උදෑසන 9 දක්වා මේ පැති අවදානමේ - දැන්ම ප්‍රවේශම් වෙන්න

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කර තිබූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය නැවතත් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙම නිවේදනය අද (08) පෙරවරු 09:00 සිට හෙට (09) පෙරවරු 09:00 දක්වා ඉදිරි පැය 24ක කාලයක් සඳහා බලාත්මක වේ.

ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

2 වන මට්ටම – අවවාදාත්මක (Amber )

මෙම ප්‍රදේශවල ජනතාව නායයෑම් අවදානම පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු අතර අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීමට සූදානම් විය යුතුයි.

මැගසින් බන්ධනාගාරයේ මියගිය රැඳවියා මෙන්න - ඇඟ කිලිපොලා යන හෙළිදරව්වක් = මියගියේ නම් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි

මැගසින් බන්ධනාගාරයේ මියගිය රැඳවියා මෙන්න - ඇඟ කිලිපොලා යන හෙළිදරව්වක් = මියගියේ නම් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි

මහනුවර දිස්ත්‍රික්කය: පස්බාගේ කෝරළය

නුවරඑළිය දිස්ත්‍රික්කය: කොත්මලේ බටහිර, නුවරඑළිය, කොත්මලේ නැගෙනහිර, නෝර්වුඩ්, අඹගමුව සහ තලවාකැලේ

1 වන මට්ටම – විමසිලිමත් වන්න (Yellow )

මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාව කඳු කඩාවැටීම්, ගල් පෙරළීම් සහ පොළොව ගිලාබැසීම් පිළිබඳව විමසිලිමත්ව කටයුතු කළ යුතුයි.

මහනුවර දිස්ත්‍රික්කය: දෙල්තොට, උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළය, උඩපළාත, පන්විල, දොළුව සහ මැදදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය: බුලත්කොහුපිටිය, අරණායක, දෙහිඕවිට, යටියන්තොට සහ දැරණියගල

රත්නපුර දිස්ත්‍රික්කය: ඉඹුල්පේ, ඕපනායක සහ රත්නපුර නායයෑම් පූර්ව ලක්ෂණ (පොළොවේ ඉරිතැලීම්, ගස් හෝ විදුලි කණු ඇලවීම, ජල උල්පත් මතු වීම හෝ බොරදිය ගැලීම) පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, එවැනි ලක්ෂණ දුටුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.