ඉන්ධන මිල ගැන නැවතත් රතු එළි - ඉන්ධන රු 140 සිට 200 දක්වා වැඩි කිරීමට ඉල්ලන බව ප්‍රසන්න කියයි
ඉන්ධන මිල ඉහළ නොදමා පවත්වාගෙන යාම වෙනුවෙන් රජය දැඩි මූල්‍ය පීඩනයක් දරා සිටින බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලංකාවේ තෙල් පරිභෝජනයෙන් බහුතරයක් දැනට පෞද්ගලික අංශය හරහා සිදුවන බවයි.
එසේම පාඩු ලබමින් ව්‍යාපාර සිදු කිරීමට පෞද්ගලික අංශය මැලි වන බැවින්, දැනට පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල රුපියල් 140 සිට රුපියල් 200 දක්වා ප්‍රමාණයකින් වැඩි කරන මෙන් ඔවුන් ඉල්ලීම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
එහෙත් රජය සහ පෞද්ගලික අංශය එක්ව එම බර දරා ගනිමින් සහනදායී මිලකට ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
[MZOQE5D]
එබැවින් මේ වන විට ඩීසල් ලීටරයකින් රුපියල් 100ක පාඩුවක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20ක පාඩුවක් රජය විසින් විඳ දරා ගන්න බව ඔහු පවසයි.
එසේම මෙම සහන ලබා දීම නිසා රජයට මසකට සිදුවන සමස්ත පාඩුව රුපියල් බිලියන 20ක් පමණ වන බව ද ඔහු හෙළි කර ඇත.
කෙසේ වෙතත් පවතින ඉරාන යුද්ධය කවදා අවසන් වේද යන්න පිළිබඳව නිශ්චිත තත්ත්වයක් නොමැති හෙයින්, ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හමුවේ මෙම පාඩුව තවදුරටත් දරා ගනිමින් ඉදිරියට යාම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.