රුපියල් 16000 කින් වැටුප් වැඩි කරයි?.වහාම ජනපතිට දන්වයි.

Sri Lanka Salary Mahinda Rajapakshe Gotabaya Rajapakshe Basil Rajapakshe
By Aruna Nov 14, 2021 05:12 AM GMT
Report

අයවැයෙන් රාජ්‍ය සේවකයින් නොසලකා හැර, රුපියල් 16000/- වැටුප් හෝ දීමනා ලබා නො දීම පිළිබඳ රාජ්‍ය නිලධාරි වෘතිය සමිති සම්මේලනය ජනපතිට ලිඛිතව දන්වා තිබෙනවා.

පසුගිය 12 පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කල 2022 අය වැය යෝජනා මගින් මෙරට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් දීමනා ලබා දී නැති බවත් එනිසාම මිලියන 1.5 රාජ්‍ය සේවකයින් හා ඔවුන්ගෙන් යැපෙන මිලියන 6කට ආසන්න ජනතාව ජිවත් වීමේ අපහසුතාවයට පත්ව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

ඒ අනුව පසුගිය සංඝනනයට අනුව හතර දෙනකුගෙන් යුතු පවුලකට මසක් ජිවත් විමට රු 58000 අවැසි බව සදහන්ව තිබුණද , වත්මන් සමයේ ශීඝ්‍ර ව භාණ්ඩ මිල ඉහළ යෑම නිසාවෙන් මේ තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ඇති බවත් එනිසා ඉදිරි සති කීපය තුළ දි මේ පිළිබද අවධානය යොමු නොකරන්නේනම් කිසිදු දැන්වීමකින් තොරව වෘතිය ක්‍රියා මාර්ගයන්ට යොමුවන බවත් ඔවුන් සඳහන් කරනවා.

එහි වගකීම රජය භාරගතු යුතු බව ජනපතිතුමාට රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනය වෙනුවෙන් ,එහි ජාතික සංවිධායක බි. ඒ. පි. බස්නායක මහතාගේ අත්සනින් යුතු ලිපියේ දක්වා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now