ලක්ෂ 05ට වඩා වැඩි ප්‍රමාණයක් රාජ්‍ය සේවයෙන් ඉවත් කරන්න යයි..වැටුපත් වැඩි කෙරේ.

Sri Lanka Politician Government Employee Sri Lanka Cabinet Government Of Sri Lanka
By Aruna Aug 25, 2024 02:27 AM GMT
Aruna

Aruna

Report

රාජ්‍ය සේවයේ සමස්ත සේවක මණ්ඩලය 2030 වසර වන විට ලක්ෂ දහයක් හෝ ඊට අඩු මට්ටමක් දක්වා සීමා කර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වී ඇති බැව් අමාත්‍ය මණ්ඩල තීරණ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ සඳහන් වනවා.

ඒ අනුව දැනට ලක්ෂ 15කට වඩා සිටින රාජ්‍ය සේවකයින් සංඛ්‍යාවෙන් ලක්ෂ 05ට වඩා වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදු වෙයි.

අදත් මේ ප්‍රදේශයෙන් ඔබ යනවනම් විකල්ප මාර්ග භාවිතා කරන්න..පොලීසියෙන් දැනුම්දීමක්..

අදත් මේ ප්‍රදේශයෙන් ඔබ යනවනම් විකල්ප මාර්ග භාවිතා කරන්න..පොලීසියෙන් දැනුම්දීමක්..


ඒ අනුව 2025 වසරේ සිට වසර තුනක් ඇතුළත සමස්ත රාජ්‍ය සේවයේ හැකි සෑම ක්ෂේත්‍රයක ම ඩිජිටල්කරණය හා ස්වයංක්‍රීයකරණය තුළින් ඉලෙක්ට්‍රෝනික පද්ධති මගින් රාජ්‍ය පාලනය සඳහා ක්‍රමවේදයක් (E-Governance) හඳුන්වා දීමට තීරණය කර ඇති බවද පැවසෙනවා.

ඒ සඳහා රාජ්‍ය ආයෝජනයේ ප්‍රමුඛතාව ලබා දීමට ද යෝජනා වී ඇතැයි සැලකේ. එමෙන්ම හැකි සෑම අවස්ථාවකදීම බාහිර සේවා (Outsourcing) වැනි ක්‍රමවේද මගින් රජයේ වැය බර අවම වන ලෙස කාර්යක්ෂමතාව උපරිම වන පරිදි නියමිත ක්‍රමවේද අනුගමනය කරමින් සේවය ලබා ගැනීමට ද යෝජනා කොට තිබේ.

හඳුනාගත් රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන, කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සීමිත පොදු සමාගම් බවට පත්කිරීමේ ප්‍රතිව්‍යුහගත වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ නිසි අධ්‍යයනයක් සිදුකොට සමස්ත රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලවල සේවා පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකිරීම 2025 වසරේදී කිරීමට යෝජනා කර ඇති බවයි පැවසෙන්නේ.

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..


රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කරනු ලැබූ විශේෂඥ කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ අතුරු වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව තිබේ.

මෙකී වාර්තාවේ සඳහන් නිර්දේශ හා යෝජනා සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත් අදාළ යෝජනා 2025 වර්ෂයේ අයවැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීමටත් ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි පැවසේ.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 125855
    Jathika Jana Balawegaya
    76.07%
  • SJB 19242
    Samagi Jana Balawegaya
    11.63%
  • NDF 9146
    New Democratic Front
    5.53%
  • SLPP 5922
    Sri Lanka Podujana Peramuna
    3.58%
  • OTHERS 5288
    All Other Parties
    3.2%
ReeCha