ලබන සතියේ සිට සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට යයි..

ලබන මස සිට නැවත සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට අවධානය.

අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම හේතුවෙන් ආයතන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවට අමාත්‍යාංශ ලේකම්වරුන් රැසක් දැනුම් දී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, සියලුම රාජ්‍ය සේවකයින් ලබන මස 01 වැනි දා සිට නැවත සේවයට කැඳවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානයට යොමු කරන බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවත් ය.

රාජ්‍ය ආයතනවල සේවකයින් සේවයේ අවශ්‍යතාව මත මේ වනවිට සතියට දින 02 ක කාලයක් සේවයට කැඳවනු ලබන බවද වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now