ශ්‍රී ලන්කන් ගුවන් සේවය විකුණයි ..මොකක්ද මේ අලුත් රජය අරන් තියන තීරණය ..

Report

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් 51% විකුණා දැමීමට පසුගිය රජය කළ සැලසුම් නතර කිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි..

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි..

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය මගින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොටස් විකුණා දැමීමට පසුගිය රජය සැලසුම් කර තිබූණා.

ඒ අනුව පෞද්ගලික ආයෝජකයෙකු ආකර්ශනය කර ගැනීමේ පියවරක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පැවති ඩොලර් මිලියන 510 ණය රජයට පවරා ගැනීමටයි පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවේ.

සිංහරාජ වනාන්තරය තුළ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට නියෝග.

සිංහරාජ වනාන්තරය තුළ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට නියෝග.

කෙසේ වෙතත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොටස් විකුණා දමනවා වෙනුවට එහි කළමනාකාරීත්වය කාර්යක්ෂම කළ හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සොයා බැලීමටයි වත්මන් රජය තීරණය කර ඇත්තේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ලබා දී ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, ඊයේ ප්‍රථමවරට රැස්වූ අමාත මණ්ඩලයේදීයි.