සිංහරාජ වනාන්තරය තුළ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට නියෝග.

By Piyumika Oct 01, 2024 02:43 AM GMT
Report

 සිංහරාජ වනාන්තරය තුළ ඉදිකර තිබෙන සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා වහාම නීතිමය පියවර ගන්නා ලෙසත්, එම ඉඩම් යළි රක්ෂිතයට අත්පත් කරගන්නා ලෙසත් පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (30 වැනිදා) දැනුම් දුන්නේය.

මේ මොකද මේ.. මැති ඇමතිවරු රැසකගේ රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර අහෝසි කරයි..

මේ මොකද මේ.. මැති ඇමතිවරු රැසකගේ රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර අහෝසි කරයි..

සිංහරාජ වනාන්තරයේ අනවසර ඉදිකිරීම් පිළිබඳව ලේකම්වරයා ඊයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුව මෙම නියෝගය ලබා දුන්නේය.

සිංහරාජ වනාන්තරය තුළ කිසිදු අවසරයකින් තොරව ආරණ්‍ය සේනාසනයක් ඉදිකරමින් පවතින බවත්, එම ආරණ්‍ය සේනාසනය සඳහා කාපට් මාර්ගයක්ද ඉදිකර ඇති බවත් ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක්විය. ආරණ්‍ය සේනාසනයේ හිමිනම විසින් අදාළ ගොඩනැගිල්ල ඉදිකරන ලද රක්ෂිත ඉඩමට කිසිවකුට පිවිසීමට නොහැකි පරිදි ගේට්ටුවක් සවිකර ඊට ඉබියතුරු යොදා ඇති අයුරු ලේකම්වරයා නිරීක්ෂණය කර ඇත.

රූගත කිරීම්වලට සහබාගි වෙමින් සිටි සුපිරි නළුවාට හදිසියේම මොකද උනේ..

රූගත කිරීම්වලට සහබාගි වෙමින් සිටි සුපිරි නළුවාට හදිසියේම මොකද උනේ..

වහාම මෙම අනවසර ඉදිකිරීම අත්හිටුවීමට නීතිමය පියවර ගන්නා ලෙසත්, අදාළ ඉඩම අත්පත් කර ගැනීමට කටයුතු කරන ලෙසත් ලේකම්වරයා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

මෙම ආරණ්‍ය සේනාසනය අසල වූ ඉඩම් කොටසක් වෙනත් පුද්ගලයකු අත්පත් කර ගැනීමට විරුද්ධව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතත්, මෙම ආරණ්‍ය සේනාසනයේ ඉදිකිරීම් නතර කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීමට හේතුව කුමක්දැයි ලේකම්වරයා වන සංරක්ෂණ නිලධාරීන්ගෙන් විමසා සිටියේය.