ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි..
By Piyumika
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ.
“දරුවන් රැකගමු - සමසේ සලකමු” යන්න මෙවර ළමා දිනයේ තේමාව වන අතර මෙවර ලෝක වැඩිහිටි දින තේමාව වන්නේ “ගෞරවාන්විතව වයස්ගත වීම”යි.
ළමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.එහි සභාපති සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පැවසුවේ ළමයින්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මව්පියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද යුතුකමක් බවය.
එමෙන්ම අද දින නිමිත්තෙන් සංවිධානය කරන ලෝක ළමා හා වැඩිහිටි දින සැමරුම් ජාතික උත්සවය අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ දී අද පෙරවරු 9ට පැවැත්වීමට නියමිතයි.